වෘත්තීය රංගන ශිල්පි­ය­කුට බෙදීම් තිබෙන්න බැහැ

Sep 14, 2020 09.40am
feature-top
තම­න්ටම අනන්‍ය වූ රංග පෞරු­ෂ­ය­කින් හෙබි රන්දික ගුණ­ති­ලක රංග­නයේ සෙමින් ස්ථාවර ගම­නක් පැමිණ සිය වෘත්තී­මය ජීවි­තයේ පැහැ­බර අනා­ග­ත­යක පෙර සල­කුණු පෙන්වන දක්ෂ රංගන ශිල්පි­යෙක්. මේ දින­වල තිර­ග­ත­වන‘පාංශු‘චිත්‍ර­ප­ටයේ  අතු­රු­දන් වූ පුතකු සොයා යන මව­කගේ කතාවේ පුතුගේ චරි­ත­යට පණ පොවන ඔහු අද අපේ කතා නාය­කයා.

 රඟ­පෑම තෝර­ගන්න ඔබේ ජීවි­ත­යට ඉඩක් ලැබෙන්නේ කොහො­මද?

මගේ පාසල වුණේ කොළඹ ඩී. එස්. සේනා­නා­යක  මහා විද්‍යා­ලය. උසස් පෙළ පන්තියේ ඉගෙන ගත්තෙ තර්ක ශාස්ත්‍රය. එත­නදී තර්ක ශාස්ත්‍රය විෂය උග­න්නපු ගුරු­තු­මිය සමඟ මම තරහ වුණා. මට ලොජික් කරන්න බැහැ කියලා පුස්ත­කා­ලෙට වෙලා ඉන්නවා. ඔය අත­ර­තුර පාසලේ නාට්‍ය හා රංග කලාව උග­න්වන ඉඳු­නිල් සර් දව­සක් කතා කරලා. “උඹට ලොජික් කරන්න අමාරු නම් නාට්‍ය කර­පන්“ කිව්වා. මම අහ­ම්බෙන් මේ විෂ­යට ඇතුළු වෙන්නේ ඒ පසු­බි­මෙන්.

 එතැන් සිට ඔබ හිටියේ නළු­වෙක් වෙන හීන­යක?

එක්තරා ආකා­ර­යට මගේ ජීවි­තයේ හැර­වුම් ලක්ෂ්‍ය­යක් වන්නෙත් උපාලි සර්. අධ්‍යා­පන කඩ­ඉම ජය ගන්න, විශ්ව­වි­ද්‍යා­ලයේ යන්න ඔහු තමයි තදින්ම මට බල­පෑවේ. ඔහු ජීවිතේ ලැබූ බොහෝ අත්දැ­කීම් අපි එක්ක බෙදා ගත්තා. එයින් අපේ ජීවි­ත­යට බොහෝ දේ එකතු වුණා. විශ්ව­වි­ද්‍යා­ලයේ දී රඟ­පෑම හැදෑ­රු­වත් මුල් කාලේ පෙළ­ඹුණේ පසු­තල නිර්මා­ණය, වේශ නිරූ­ප­ණය වගේ දේවල් කර­න්නයි.

 "පාංශු" ඔබට තවත් එවැනි ගුරු­ව­ර­යෙක් මුණ ගස්වන චිත්‍ර­ප­ට­යක්?

"පාංශු " චිත්‍ර­ප­ටයේ චරි­තයට අවශ්‍ය  පසු­බිම ගොඩ­නඟා ගන්නේ මගේ ගුරු­ව­ර­යා­ගෙන් ලැබුණු ආභා­ස­යත් එක්ක. ඒ සමාජ වක­වානු පිළි­බඳ මගේ ජීවි­තයේ කිසිම අත්දැ­කී­මක් තිබුණේ නැහැ. නමුත් සමාජ දේශ­පා­ල­නි­කව හැල­හැ­ප්පීම් වූ ඒ අව­ධිය පිළි­බඳ බොහෝ කරුණු ඔහුගේ ජීවන අත්දැ­කීම් ඇතු­ළත මම අහල තිබුණා. ඒ වගේම චිත්‍ර­ප­ටයේ අධ්‍ය­ක්ෂ­ක­ව­රයා චරි­ත­යට පසු­බිම් වන සමාජ වක­වා­නුව පිළි­බඳ මෙහෙ­ය­වීම කළා. ඒ හරහා මගේ චරි­ත­යට කිසි­යම් සාධා­ර­ණ­යක් ඉටු කරන්න හැකි වුණා යැයි මම විශ්වාස කර­නවා.

 මේ සිනමා රංග­නය, ඔබේ රංගන ජීවි­ත­යට කළ බල­පෑම?

මගේ පළමු  සිනමා අත්දැ­කීම ආචාර්ය ධර්ම­සේන පති­රා­ජගේ "ස්වරූප" චිත්‍ර­ප­ටය. එහි තත්පර කීප­යක වෛද්‍ය ශිෂ්‍ය­යකු ලෙස පෙනී සිටින්න අව­ස්ථාව ලැබුණා. අන­තු­රුව විසා­කේස චන්ද්‍ර­සේ­ක­රම්ගේ " පාංශු"  චිත්‍ර­ප­ට­යට මා තෝරා ගන්නේ නීටා ප්‍රනාන්දු මහ­ත්මිය සහ ජගත් මනු­වර්ණ අයියා මං ගැන ලබා­දුන් තොර­තු­රු­ව­ලින්. සිනමා කෘතිය තුළ අතු­රු­දන් වන පුතාගේ චරි­තය ප්‍රධාන චරි­ත­යක් නොවු­ණත් එය විශේ­ෂිත අර්ථ­යක් ලෙස හඳුනා ගන්න පුළු­වන්. නැරඹූ බොහෝ දෙනෙක් ඒ චරි­තය පිළි­බඳ කතා කළා. ඒ චරි­තය ගැමි පරි­ස­ර­යක ජීව­ත්වන තරු­ණ­යකු මත පද­නම් වූවක්. නමුත් මම නාග­රි­කව හැදී වැඩුණු ගම පිළි­බඳ අත්දැ­කීම් අඩු  කෙනෙක්. එයම මට මේ චිත්‍ර­ප­ටය රංග­නයේ දී අභි­යෝ­ග­යක් වුණා. නමුත් ලැබෙන ප්‍රති­චා­ර­ව­ලින් මා කිසි­යම් සාධා­ර­ණ­යක් ඉටු­කළ බව කියන්න පුළු­වන්.

 රංග­න­යේදී චරිත තෝරා ගැනී­මක් නැද්ද?

රංගන ශිල්පි­ය­කුට සිය වෘත්තිය තුළ බෙදීම් තිබෙන්න බැහැ. තමන්ට ලැබෙන චරි­ත­යට සාධා­ර­ණ­යක් වන විදි­හට නිරූ­ප­ණය තමයි වැද­ගත් වෙන්නේ. එත­නදි අධ්‍ය­ය­නය වැද­ගත්.

 ටෙලි නාට්‍ය­ව­ලට එකතු වෙන්න අද­හ­සක් නැද්ද?

 පෞද්ග­ලික නාළි­කා­වක නිෂ්පා­ද­නය වන ටෙලි නාට්‍ය­යක වැඩ කට­යුතු ආරම්භ කළා. නමුත් එය දීර්ඝ ටෙලි නාට්‍ය­යක් නොවෙයි. මෙගා නාට්‍ය­යක නිරූ­ප­ණය කරන චරිත කවද ඉවර කරන්න වේවිද කියලා අපි­වත් දන්නෙ නෑ. මම කැමැ­තියි රඟ­පාන චරි­තය ඉවර වෙනවා දකින්න.

 බොහෝ විට ක්ෂේත්‍ර­යට එන අලුත් ශිල්පීන් ඉතා ඉක්ම­නින් ඇදග­න්නවා දැක තිබෙ­නවා?

මගේ නම් අද­හස නළු­වෙක් වුණ­හම ඇත්ත ජීවිතේ රඟ නොපා ඉන්න එක. නළු­වෙක් විලා­සිතා කිරීම සාමාන්‍ය දෙයක්. එකම විදිහේ ඇඳුම් ඇඳ­ගෙන එකම විදි­හට කොණ්ඩ විලා­සිතා අනු­ක­ර­ණය කිරීම නිසා කිසි­යම් චරි­ත­යක් නිරූ­ප­ණය දී කෙන­කුට කියන්න පුළු­වන් ඔහුගේ සාමාන්‍ය ජීවි­ත­යත් හැම­දාම ඔය වගේ කියලා. ඒ නිසා වෙන­සක් තිබු­ණොත් හොඳයි. නමුත් කෙන­කුගේ අන­න්‍ය­තාව ගොඩ­නැ­ගෙන්නේ ජීවිතේ ලබන අත්දැ­කීම් හරහා.

 ඔබ වේදි­කාවේ කෙටි කල­කින් දිගු දුරක් ආ කෙනෙක්?

විශ්ව­වි­ද්‍යා­ල­යේදී මුලින්ම රඟ­පාන්නේ ඇන්ටන් චෙකෝෆ්ගේ "චෙරි­වත්ත"  පරි­ව­ර්තන නාට්‍යයේ. එය අධ්‍ය­ක්ෂ­ණය කෙළේ රංග සහ දමිත් මිතු­රන් දෙදෙනා. එහි රංග­නය වෙනු­වෙන් 2014 වසරේ යෞවන සම්මාන නාට්‍ය උලෙළේ හොඳම සහය නළුවා සම්මා­නය මට හිමි­ව­නවා. රාජ්‍ය සම්මාන උලෙළේදීත් කුස­ලතා සම්මා­නය ලැබෙ­නවා. 2015 වසරේ දේවින්ද වික්‍ර­ම­සිංහ අධ්‍ය­ක්ෂ­ණය කළ "මම අඩ­කු­ඹුයි "කෙටි නාට්‍ය වෙනු­වෙන් යෞවන සම්මාන උලෙළේ හොඳම නළුවා සම්මා­නය සහ රාජ්‍ය සම්මා­නය හිමි වෙනවා. 2016 වසරේ  MR W නාට්‍ය වෙනු­වෙන් ජූරියේ විශේෂ සම්මා­නය හිමි­වෙ­නවා. 2017 වසර දක්වා වේදි­කාවේ ඇග­යී­මට ලක් වනවා. ඒ හැම නාට්‍ය­යක්ම නිෂ්පා­ද­නය වන්නේ මගේ විශ්ව­වි­ද්‍යාල ජීවි­තය ඇතු­ළ­තදි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »