තෙනුට ඕනෙ නිතරම මාත් එක්ක ඉන්නයි

Aug 05, 2019 09.50am
feature-top
ප්‍රවීණ රංගන ශිල්පිනී නදීකා ගුණසේකර

බැද්දේගම හීන් හාමි සිනමා දිවියට වාසනාව ගෙනාවා

සුනඛ සුරතලුන් නමයටම දිනපතා කෑම උයනවා

යොවුන් වයසේදිම සිනමාවට ගොඩ වු ‘කාංචනා‘ ඇයයි. ඉන් නොනැවතුණු ඇය ‘බැද්දේගම‘ හීන් හාමි වූවාය. ඉන්පසු ඇගේ රංගන ප්‍රතිභාව විදහා දැක්වූයේ යසෝමා තුළිනි. ‘චංචල රේඛා‘ හි දං චූටි තවමත් අපගේ හදවතේ ජීවමානය. ඒ තරමටම අපි දං චූටිට ආදරය කළෙමු. සිනමාව නමැති දැවැන්ත පියගැට පෙළේ ඉහළම පඩියට නැග අදත් ඉහළම රසික ආදරය ලබන ඇය නදීකා ගුණසේකර ය. රටම ආදරය කරන නිහතමානි රංගන ශිල්පිනියකි. අපි ඇගේ අලුත් තතු සොයා පැලවත්ත, බත්තරමුල්ල පිහිටි සොඳුරු කැදැල්ලට ගියෙමු.

‘බොහෝ අය අහනවා නදීකා කලාවෙන් ඈත් වෙලාද කියලා . මට කියන්න තියෙන්නේ මගේ ජීවිතය සිනමාව නෙමෙයි කියල. සිනමාවෙන් මම දෙයක් ලබා ගත්ත මිසක් සිනමාව නිසා කිසි දෙයක් නැති කරගත්තෙ නැහැ. සිනමාව තුළ හොඳ නිර්මාණ හා අධ්‍යක්ෂවරු හමුවුණා. සම්මාන , පැසසුම් ලැබුවා. ඒ සියල්ලම සම සිතින් විඳ දරාගෙන මේ වනවිට පවුලට මූලිකත්වය දී වැඩකරගෙන යනවා. හොඳයි කියල හිතෙන නිර්මාණයක් ලැබුණොත් පමණක් භාර ගන්නවා ‘

‘අසූව දශකයේ සිංහල සිනමාවේ රංගන ශිල්පිනියන් පිළිබඳව සිහි කරද්දී නදීකා ගුණසේකර නම මුලින්ම කියැවෙයි. මවගේ මග පෙන්වීමෙන් කලාවට ප්‍රවිශ්ට වු ඇය කාංචනා චිත්‍රපටයෙන් කලාවට ගොඩ වූවාය. ඉන් පසුව ඩී. බී නිහාල සිංහයන්ගේ රිදී නිම්නයෙන් සිනමාව සහ රංගනය පිළිබඳව

වැඩිදුර අධ්‍යනයක නිරත වු ඇයට ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මුණ ගැසීම කලා දිවියේ තවත් සන්ධිස්ථානයක් විය. ඒ ‘බැද්දේගම‘ සිනමාපටයේ හීන් හාමි වන්නට වාසනාවන්ත වීමයි.

‘ ‘බැද්දේගම‘ හීන් හාමි මගේ සිනමා දිවියට වාසනාව ගෙනාවා. 1981 ජනාධිපති සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය සම්මානය හිමිවූයේ ‘බැද්දේගම‘ හීන්හාමි චරිතයටයි. ඉන් පසුව නැගී එන නිළිය, නවක නිළිය, ආදි සම්මාන කිහිපයක්ම කිහිප අවස්ථාවකදීම ලැබුණා. එදා මෙදාතුර චිත්‍රපට පණහකට වැඩි සංඛ්‍යාවක රඟපෑවා. ඒ අතරින් ප්‍රදර්ශනය නොවු හොඳ චිත්‍රපට ගණනාවක්ම තියෙනවා. ඒවා ගැන නම් පොඩි දුකක් හිතේ නැතිවාම නොවෙයි. ‘

ඇය සුසුමක් හෙළයි. අද වන විට ඇය කලාවෙන් ඈත් වන්නට එවැනි හේතු බලපෑවාදැයි සැකයක් උපදී. ‘දැන් හැදෙන නිර්මාණ පිළිබඳව ලොකු විශ්වාසයක් නැහැ. පසුගිය කාලයේ චන්න පෙරේරාගේ ‘යුගාත්‍රා‘ චිත්‍රපටයේ වැඩ කළා. ලැබෙන හැම නිර්මාණයක්ම භාර නොගත්තත් හොඳ නිර්මාණයක් ලැබුණොත් භාර ගන්නවා. දුවගේ අධ්‍යාපන වැඩත් සමග ගොඩක් නිර්මාණවලට සම්බන්ධ වෙන්න තියෙන වෙලාව අඩුයි. ටෙලි නාට්‍ය කලාව අද පහළටම වැටිලා. ප්‍රඩක්ෂන්වලට නිසි ඇගැයුමක් නැහැ. නිර්මාණවල අගය ගැන හිතන්නෙ නැහැ. කලාකරුවන්ට හොඳ නිර්මාණ කරන්න පුළුවන් පසුබිමක් හදන්න ඕනෑ. ඒ පිළිබඳව දැන්වත් වගකිවයුත්තන් අවධානය යොමු කරනවානම් හොඳයි ,

ඔබ සිනමාවේ මෙන්ම ටෙලි නාට්‍ය කලාවේත් ඇගැයුමට ලක්වූ වාර බොහෝයි?

‘හිමි අහිමි‘ ටෙලි නාට්‍යයට කළ රංගනයට හොඳම නිළියට හිමි සම්මානය හිමිවුණා. ඉන් පසුවනම් වැඩිය ටෙලි නාට්‍ය රංගනයට යොමුවුණේ නෑ. මේ දවස්වල රංගනයෙන් ඈත් වුණත් එදාටත් වඩා අද කලාව සමග බද්දයි. සිනෙස්ටාර් පදනමේ ක්‍රියාකාරි සාමාජිකාවක ලෙසින් එදාටත් වඩා අද නිතරම කලාකරුවන් මුණ ගැසෙනවා. පසුගිය කාලයේ අපි සිනෙස්ටාර් පදනමෙන් කටුවාපිටියට නිවෙසක් පරිත්‍යාග කළා‘

නදීකා අක්කා කලාව ගැන බොහෝ දේ කතාකරන්නට කැමැති පාටක් ඇතත් ඇයගේ කතාව වෙනතකට ගෙන යාමට පැනයක් විමසුවෙමි. ‘ ගෘහණියක් ලෙස ඇගේ වගකීම පිළිබඳවත්නොඅසාම බැහැනෙ...

‘ ගොඩක් කාර්යබහුල දුවගේ වැඩත් එක්ක. දුව තෙනුකි සෙහන්සා හපුආරච්චි. කොළඹ බ්‍රිටිෂ් පාසලේ දහවැනි වසරේ ඉගෙනුම ලබනවා. එයා පොත් කියවන්නත් , අලුත් කෑම ජාති හදන්නත් කැමැතියි. සැමියා සුරේන් හපුආරච්චි. ඔහු මට මගේ කලාකටයුතු සහ බාහිර වැඩ සඳහා ලොකු සහයෝගයක් දෙනවා. එයාගෙන් ගෙදර දොරේ වැඩට නම් ලොකු සහයෝගයක් ලැබෙන්නෙ නෑ. කොහොමටත් මම ඔහුව ඒවායින් නිදහස් කරල තියෙන්නේ .‘

‘තෙනු‘ අම්මා වෙත දුව එන්නේ තවමත් කුඩා දැරියක මෙනි. මව දුව ආදරයෙන් සිප ගනියි. නැවතත්....

‘තෙනුට ඕනෙ නිතරම මාත් එක්ක ඉන්න. දුවටත් රංගනයට කතාකළ අවස්ථා තිබුණා. එ්ත් මම කැමැති නැහැ දැන්ම එයා කලාවට යනවට. රඟපාන්න අධ්‍යාපන සුදුසුකම් හොයන්නේ නැති වුණත් හොඳින් අධ්‍යාපනය හදාරා තිබීම ඕනෑම වෘත්තියකට පහසුවක්. මම බැද්දේගම ෂුටින් කරන කාලෙ උපාධිය සඳහා ඉගෙන ගත්තා. මොන වෘත්තිය කළත් අපි හොඳින් ඉගෙන ගත්තොත් හොඳ පුරවැසියකු, හොඳ ගෘහණියක, ප්‍රිය මනාප පුද්ගලයකු විය හැකියි‘

තෙනුකි සුනඛ සුරතලුන් වටකරගෙන සුරතල් කරයි. ගෙවත්තෙහි සුනඛ සුරතලුන් කිහිප දෙනකුම නිදැල්ලේ හැසිරෙති. තම ස්වාමි දුව වටා කැරකෙමින් සුරතල්වන මේ සුනඛයන් වෙනුවෙන් නදීකාගේ කාලසටහනේ වෙනම කාලයක් වෙන්ව තිබෙනවා කිව්වොත් ඔබත් පුදුම වේවි.

‘තෙනු සුනඛ සුරතලුන්ට හරිම ආදරෙයි. අපේ ලේන් එකේ ඉන්නවා අතහැර ගිය සුනඛයන් හයක්. ගෙදර ඉන්නවා තුන් දෙනෙක්. මේ නමයටම දිනපතාම වෙනම කෑම උයනවා. අපිට කෑම හදන්නත් කලින් ඒ අයට කෑම උයලා කන්න දෙනවා. බඩගින්නෙ ඉන්න සතෙකුට කෑම ටිකක් දෙන එක ලොකු පිනක්‘

සැබැවින්ම ඇය සතුන්ට පමණක් නොව සියලු දෙනාටම ළෙංගතු නිහතමානී රංගන ශිල්පිනියකි. ඇගේ රුව එදා මෙන්ම අදටත් එලෙසම පැවැතීමේ රහස එය නොවේමද ...

‘මම සැලෝන් එකකට යන්නෙ නෑ කිව්වොත් ඔයාලා පිළිගන්න එකක් නෑ. අනවශ්‍ය දේට , අනවශ්‍ය වැඩවලට ජීවිතේ ගෙවා දමන්න මම කවදාවත් කැමැති නැහැ. අපේ වයසත් එක්ක ජීවිතේ යන්න ඕනේ. ඒක බෞද්ධ දර්ශනයේ තියෙනවා. එ්ත් ලස්සන වෙන්න උත්සාහ නොකළට නීරෝගීව ඉන්න නම් උත්සාහ කරනව. ඒක තමයි අපිට අවශ්‍ය වන්නේ. විලාසිතා ගැන වුණත් එදාට වඩා අද හිතන විදිහ වෙනස්. අද මම ලොකු දුවක් ඉන්න මවක් නිසා ඒ ගැන නිතරම හිතනවා. ගෘහණියක් ලෙස අපි සමාජයේ ලස්සනට ඉන්නවා වගේම ගෙදරත් ලස්සනට තියාගන්න ඕනෑ‘

ඇය සමග තව බොහෝ දේ කතා කිරීමට අවැසි වුණත් සමුගෙන යා යුතු කාලය එළඹ ඇත. අමිත් අයියාගේ කැමරාවට අසුවු මේ සොඳුරු කැදැල්ලේ සුන්දර ඡායාරූප පෙළකි. එසේ නම් අපි නැවතත් එන්නම් පවසද්දී ඇගෙන් පිටවු අවසන් වදන් පෙළ මෙසේ සටහන් කරමු.

‘මම සිනමාවට ප්‍රව්ශ්ට වු දින සිටම මට විවිධ අයුරින් සහය දීපු විශාල පිරිසක් ඉන්නවා. විශේෂයෙන් මට ආදරය කළ ප්‍රේක්ෂකයන්. ඒ අයව මේ මොහොතේ සිහිපත් කරන්නේ ඔවුන් නිසයි මට මෙතරම් දුරක් එන්න ලැබුණේ. ඔවුන් මත තමයි කලාකරුවෙක්ගෙ මග තීරණය වන්නේ. එනිසා හැමදාමත් මම ප්‍රේක්ෂකයන්ට ආදරෙයි ‘

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »