හර්ෂ උඩ­ක­න්දගේ ගෝරි තිර­ග­ත­වීම ඇරැඹේ

Jun 14, 2019 09.51am
feature-top
එම්.පී.අයි. සිනමා මණ්ඩලය ප්‍රථම වරට ඉදිරිපත් කරන හර්ෂ උඩකන්දගේ තෙවැනි සිනමා නිර්මාණය ‘ගෝරි‘ සිනමා පටය පසුගිය 06 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවන් හි තිරගත වීම ඇරැඹිණි. සමාජය පුරා. දූෂණය , භීෂණය , අවනීතිය පතුරවමින් මැර දේශපාලනයෙන් නීතිය නවනා දුර්ජන ඇමැතිවරයකු සහ ඔහුගේ පුතුන් දෙපොළත් , දේශපාලකයන්ගේ අණ නොතකා නීතිය අකුරටම ක්‍රියාත්මක කරනා පොලිස් නිලධාරියෙක් සහ මැරයින් නිසා අසරණ වූ පුංචි සුරතල් දියණියක් වටා ගෝරි කතා පුවත පෙළගස්වා ඇත.

ක්‍රියාදාම ගනයේ සිනමා සිත්තමක් වන ගෝරි හි ශ්‍රියන්ත මෙන්ඩිස්, ආර්යන් කුලරත්න, පහන්දි නෙතාරා (ළමා), රොෂාන් රණවන, පුබුදු චතුරංග, අනුජ් රණසිංහ, වීනු සිරිවර්ධන, ටීනා ෂනෙල්, රජිත හිරාන්, කුමාර රණපුර, සුගත් ජානක, චතුර පෙරේරා, සැනට් දික්කුඹුර ඇතුළු නළු නිළියන් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙති.

කැමරා කරණයෙන් මහේෂ් කරුණාරත්න, සංස්කරණයෙන් තිවංක අමරසිරි, අංග රචනයෙන් ධනුෂ්ක හුලංගමුව, කලා අධ්‍යක්ෂණයෙන් හිමල්ක මධුශාන්, සහය අධ්‍යක්ෂණයෙන් හසිත රාජපක්ෂ, පසුබිම් සංගීත අධ්‍යක්ෂණයෙන් නිරෝෂන් ඩ්‍රීම්ස්, ගීත ගායනයෙන් අශාන් ප්‍රනාන්දු, පහන්දි නෙතාරා, අමිල මුතුගල හා රෙව්කා ද, විධායක නිෂ්පාදනයෙන් කැලුම් උදයකුමාර, නිෂ්පාදනයෙන් නිශාන්ත ජයවර්ධන ද එක් වන මෙම සිනමා පටයේ කාර්මික තිර රචනය, ගීත රචනය හා අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගෙනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »