මරාගෙන මැරෙන චරිතය - කරන්

May 16, 2019 09.51am
feature-top
වයස අවුරුදු 15 පටන් සිනමාව ගැන උනන්දුවක් දැක්වූ ඔහු, අද වන විට 25 වියැති තරුණයෙක්.
වසර දහයක පමණ කාලයක සිට අසුන් පිට යෑමට, මෝටර් බයිසිකල් පැදීමට, බැංකොක් හිදී සටන් කලාව පුහුණුවීමට මෙන් ම රංගනය පිළිබඳ පාඨමාලාවන් හැදෑරීමට ද කාලය කැප කළ ඔහු, යොවුන් වියට එළඹෙත් ම සිනමාවට එකතු වුණේ සහය අධ්‍යක්ෂවරයකු හැටියටයි. ඔහු තමයි, කරන් කපාඩියා.
අද ඔහු බොලිවුඩ් නළුවෙකු ලෙස හපන්කම් දක්වන්නට පටන් ගෙන තිබෙනවා. ළඟදීම තිරගත වීමට නියමිත ‘බ්ලෑන්ක්’ නම් වූ චිත්‍රපටයෙන් රංගනයට ඔහු පිවිසෙන්නේ මරාගෙන මැරෙන ත්‍රස්තවාදියකුගේ චරිතයකට පණ පොවමින්. කරන්ගේ වාසගම ඔබ අප කාටත් හුරුයි.
සැබවින්ම ඔහු බොලිවුඩ් සිනමා නිළියකගේ පුත්‍රයෙක්. කරන්ගේ මව, ජනප්‍රිය නිළියක වූ සිම්පල් කපාඩියා. ඇය, ජනප්‍රිය නිළි ඩිම්පල් කපාඩියාගේ සෙහොයුරියයි. “හුඟ දෙනෙක් මා ගැන දන්නේ නැහැ. මොකද, මම මාධ්‍යවලින් ඈත්වෙලා සාමාන්‍ය ජීවිතයක් ගත කරන නිසා. අවුරුදු 11 වෙනතුරු මම හැදුණේ මගේ ආච්චි ළඟ.
ජීවිතය ඉදිරියට ගෙනියන්න මගේ අම්මා පසුබිමෙන් හිටියා. (සිම්පල් කපාඩියා 2009 දී මිය ගියා) අද මගේ ලොකුම රසිකාව තමයි, මගේ ලොකු අම්මා, ඩිම්පල් කපාඩියා.” කරන් තම ජීවිතයෙන් බිඳක් ‍එලෙස හෙළි කළා.

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

More News »