රොෂාන්-තිළිණි ආදරවන්තයන්ගේ දිනයට හීන පුරෝගෙන ඇවිත්

Feb 27, 2019 09.25am
feature-top
• මොකක්ද මේ රොෂාන් බිරියත් එක්ක

වැලන්ටයින් එකට කරපු
අලුත්ම වැඩේ?

අපි දෙන්නා හීන පුරෝගෙන' කියන ගීතය ගායනා කළා. අපි මේක ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් වගේම මාර්තු 24 ඉතාලියේ මිලානෝ නුවර තියෙන මගේ ප්‍රසංගයට සමගාමීවයි නිර්මාණය කළේ. එහෙ අපේ ලාංකිකයොත් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවනෙ. ඉතින් ඒ රසිකයන් වෙනුවෙනුත් තමයි මමයි බිරියයි මේ ගීතය ගායනා කළේ.

• ඇයි දෙන්නම එකතු වෙලා මේ වගේ
ගීතයක් කරන්න හිතුවේ?

ඇත්තටම මේ දවස්වල එන ගීත ඒකාකාරියි. රසවින්දනයක් නැහැ කියලා හැමෝම කියනවනෙ. මගේ ක්‍රමය මම වෙනස් කළේ නැහැ. මම හදාගත්ත රසට, මගේ ක්‍රමයට කැමැති ප්‍රේක්‍ෂකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. එයාලා වෙනුවෙන් තමයි මේ ගීතය නිර්මාණය කළේ. තව මම ඇල්බම් එකක් දෙසැම්බර් මාසයේ රිලීස් කරන්න ඉන්නෙ. ඉතින් මේ හැමදේම වෙනුවෙන් තමයි මේ ගීතය නිර්මාණය වුණේ.

• මේ ගීතයේ නිර්මාණ පසුබිම ගැන
කිව්වොත්?

මේ ගීතයේ පද රචනය කළේ විමාලක මොහන්දිරම්. මෙලඩි එක මම කළේ.
• මේ ගීතයට රූප රචනයක් කරන්න
අදහසක් නැද්ද?

නැහැ. මම හිතන්නෙ අපි මේකට වීඩියෝ එකක් කරන එකක් නැහැ. මොකද වීඩියෝ එකක් කළාම සමහර සින්දු එක මාතෘකාවකට සීමා වෙනවනෙ. ඉතින් මේ ගීතය හැමෝගෙම කරගෙන අහන්න දුන්නම හොඳයි කියලා හිතුවා.
• ගීත ජනප්‍රිය කරගන්න වීඩියෝ ඕනෙලු.


එතකොට ඔබට රූප රචනයක් නැතිව
වුණත් ගීතය ජනප්‍රිය කරගන්න
පුළුවන්ද?

මිනිසුන්ගෙ හදවත්වලට දැනුණට පස්සෙ එයාලා ඒක හොයනවා. රස කෑමක් හෝ චිත්‍රපටයක් හිතට දැනුණම ඒක ආයෙ ආයෙ හොයනවානේ. අන්න ඒ වගේ තමයි මේකත්. මේ ගීතය රසිකයන්ට දැනුණොත් ඒකට රූපරචනයක් ඕනමයි කියලා දෙයක් නැහැ.


• මේ කාලේ ගීත මාකට් කරන්න
විවිධ දේවල් කරනවා. ඔබ එවැනි දේ
අනුගමනය කරන්නේ නැද්ද?

රසිකයන්ගෙ හදවත්වල අපි ඉන්නව නම් වෙන වෙන දේවල් කරන්න අවශ්‍ය නැහැ. මට හොඳ රසිකයො පිරිසක් ඉන්නවා. ඔවුන් දන්නවා රොෂාන් නිර්මාණයක් කළොත් හොඳ සාධාරණයක් ඉටු කරයි කියලා. ඒ විශ්වාසය තමයි මාත් විශ්වාස කරන්නෙ.

• ඔබයි තිළිණියි ගයපු
සුපෙම් සුවඳක් ගීතයට
ලොකු ප්‍රේක්‍ෂක
ආකර්ෂණයක් ලැබුණා.
මේ ගීතයටත් එහෙම
වේවිද?

අපි විශ්වාස කරනවා එහෙම වෙයි කියලා. ඒත් ඒක තීරණය කරන්නෙ රසික රසිකාවියො.
• කොහොමද ගීතයට
දැන් ලැබෙන
ප්‍රතිචාර?

ඇත්තටම ගොඩක් හොඳයි. සින්දුව රිලීස් කරලා පැය අටක් දහයක් වගේ ඇතුළත දෙදාස් ගාණක ඍඪඥඹඵ ලැබුණා.

• රොෂාන්ට ගීත ජනප්‍රිය
කරගන්න මාධ්‍යවලින් හොඳ සහයෝගයක් ලැබෙනවාද?

දැන් කිසිම කෙනකුට මාධ්‍ය ගැන ලොකුවට බලාපොරොත්තුවක් තියාගන්න ඕනෙ නැහැ. ෆේස් බුක්, යූ ටියුබ් වගේ මාධ්‍ය තියෙනවා. ඒවා හරහා අපිට දෙයක් කරලා එළියට දෙන්න පුළුවන්. ඒත් මාධ්‍යත් අපිට උදවු කරනවා. හොඳ දෙයක් නම් එයාලා ඒවා ප්‍රචාරය කරන්න ගන්නවා.

• කාලයකින් ගීත ඇල්බමයක්
කළේ නෑ නේද?

ඔව්. දැන් ගීත ඇල්බම් එකක් කරන්න කාලෙ හරි.

• ගීත ඇල්බම් එකක් එළියට දෙන්න
මෙච්චර කල් ගන්නේ ඇයි?

අපි මහන්සි වෙලා වියදම් කරලා ඇල්බම් කළාම අනිත් අය ඒකෙ ව්‍යාජ පිටපත් ගහනවා. අපි ඒකට විසඳුම් හොය හොයා හිටියා. ඒත් ඒක හරි ගියේ නැහැ. අපි ඇල්බම් නොකර හිටියම ඒක ප්‍රේක්‍ෂකයන්ට කරන අසාධාරණයක්. ඒ ගැන හිතුවම මට වෙන අසාධාරණයට වඩා එයාලට වෙන අසාධාරණය ගැන හිතෙනවා.

• බිරියට හොඳ ගායන හැකියාවක්
තියෙනවා. ඇයට තනියම ගීතයක්
කියන්න අවස්ථාවක් හදලා දීලා නැද්ද?

මම ඒක එයාගෙන් ඇහුවා. එයා කියන්නෙ පවුලක වගකීම් ගොඩක් තියෙන නිසා වෘත්තියක් වශයෙන් ගීත කියන්න කැමැති නැහැලු. මගේ වැඩවලට ඇය උදවු කරනවා. යුග ගීයක් කියන්න වගේ ඒවට ඇය සම්බන්ධ වෙනවා.


• ඔබ දෙදෙනාගේ විවාහ දිවියට
දැන් වසර ගණනක් ගත වෙලා.
ඒත් දෙන්නගේ ආදරය තාම තරුණද?

අනිවාර්යයෙන්ම. මොන තරම් ගැටලු ආවත් විශ්වාසය සහ ආදරය තියෙන්න ඕන. ඔය දෙකට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි එකිනෙකාට ගෞරව කරනවා. අපි අතර ලොකු බැඳීමක් තියෙනවා.


• හිත රිදුණු පෑරුණු අවස්ථා ඇත්තෙම
නැද්ද?

අපි මනුස්සයෝ නිසා එහෙම වෙන්න පුළුවන්. අපි නම් ඕන දෙයක් කතා කරලා විසඳ ගන්නවා. අපි අපේ වැරැදි පිළිගන්නවා. දෙන්නට දෙන්නා නම්‍යශීලී වෙලා ඇත්ත සහ හරිදේ වෙනුවෙන් පෙනී සිටිය නම් ආදරය ගෙනියන්න ගොඩක් ලේසියි.

• ඔබ හුඟක් කාර්යබහුල
කෙනෙක්. ඒ කාර්යබහුලකමත් එක්ක පවුල් ජීවිතයේ වගකීම්
මඟහැරෙනවාද?

තිළිණියි මමයි අතර හොඳ සහයෝගයක් වගේම හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. අපි කොච්චර කාර්යබහුල වුණත් පොඩි හරි උදව්වක් කළොත් ඒක හදවතට වදිනවා. අපි එකිනෙකාට උදවු කරගන්නවා. එයාට අසනීප වුණොත් මම උයලා දෙනවා.

• දරුවන් ගායනයට දක්‍ෂද?

දුව මේ අවුරුද්දේ විශාරද විභාගය කරනවා. පුතාලත් හෙමින් හෙමින් මේ දේවල්වලට සම්බන්ධ වෙනවා. ඔවුන්ව ගායකයො කරනවට වඩා මගෙ බලාපොරොත්තුව ඔවුන්ව හොඳ පුද්ගලයන් කරන එක.


• ඉදිරියේදී කරන්න තියෙන
අලුත් වැඩ මොනවද?

රොෂාන් ප්‍රනාන්දුගෙ පවුලේ දේවල් සහ ගීත බලන්න අලුතින් යූටියුබ් චැනල් එකක් විවෘත කළා. මේ ගීතයත් එක්කමයි ඒකත් ආරම්භ කළේ. මාර්තු 24 'පූජනීයයි ආදරේ Three in One Live in Concert'  එක ඉතාලියේ පැවැත්වෙනවා. හසිත කුමාර සහ සාලිය පෙරේරා තමයි ඒක සංවිධානය කරන්නෙ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »