සංගීත් රජ වෙලා

Dec 14, 2018 10.32am
feature-top
සංගීත් මේ දවස්වල රජ වෙලා නේද?

ඔව්. කුසුමාසන දේවි ටෙලි නාට්‍යයේ තමයි මම රජ වුණේ. විමලධර්මසූරිය රජුගේ චරිතයෙන් මම මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒක වෙනස් අත්දැකීමක්.


සංගීත්ගේ නිහැ¾ඩියාව දැන් ඉවරයි නේද?

ඒ නිහඬතාව දැන් ඇත්තටම ඉවරයි. මම දැන් නිර්මාණ කිහිපයකම වැඩ කරනවා. රනිල් කුලසිංහගේ දෑස මගේ ඔබ කියන නාට්‍යයටත් මම සම්බන්ධ වුණා. ඉදිරියේදී එයත් විකාශය වෙයි. ඊට අමතරව තව ටෙලි චිත්‍රපටයක වැඩ ලබන සතියේ පටන් ගන්නවා.

කාලයක් නිහඬ වෙලා හිටියට සංගීත්ව කාටවත් අමතක වෙලා නැද්ද?

නැහැ. මාව අමතක වෙලා නැහැ. මම කාලයකට පස්සේ එළියට එද්දී ගෙනාවේ කලින් හිටපු සංගීත්ව නෙවෙයි. වෙනස්ම කෙනෙක්ව තමයි මම එළියට ගෙනාවේ. ඒ එළියට ආපු සංගීත්ව ගොඩක් අය ආදරෙන් වැලඳ ගත්තා.

දැන් ලැබෙන ඕනම වැඩක පේන්න ඉන්න කැමැතිද?

මම මට ලැබෙන නිර්මාණයේ පිටපත කියවලා මට කරන්න තියෙන්නේ මොන වගේ චරිතයක්ද බලනවා. ඒ චරිතය තුළ මම කොයි තරම් දෙයක් කරන්න තියෙනවාද කියලා බලලා එකිනෙකට වෙනස් චරිත කරන්න මම උත්සාහ කරනවා. මට විවිධ චරිත කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. දෑස මගේ ඔබ ටෙලි නාට්‍යයේ මම කරන්නේ ප්‍රේමවන්ත චරිතයක්. කුසුමාසන දේවි නාට්‍යයේ මම රජ චරිතයක්. ඒ වගේ විවිධ චරිතවලින් ප්‍රේක්ෂකයන්ව තවත් එකතු කර ගන්න මම කැමැතියි.

වෙනස් වෙන්න ලැබෙන ඕනෑම අභියෝගයක් සංගීත් භාරගන්නවාද?

අනිවාර්යෙන්ම. රංගන ශිල්පියෙක් වුණාම අභියෝග භාරගන්න ඕන. තමන් තුළ තිබෙන හැකියාව පෙන්වන්න පුළුවන් වෙන්නේ එතකොට තමයි.

රංගනයේ ඉදිරි බලාපොරොත්තු මොනවද?

රංගනය පැත්තෙන් මට අරමුණු තියෙනවා. ඒ බලාපොරොත්තු සුන්දර අහිංසක බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා. ඒ වෙනුවෙන් හොඳ නිර්මාණ ලැබෙන කල් බලාගෙන ඉන්නවා.


සංගීත් දැන් ගායකයකුත් වෙලානේ. ඒ වැඩකටයුතු ගැනත් කියමු.

මම කරපු හිත මගේ කියන ගීතය තාරුණ්‍යයේ පිරිස ගොඩක් වැලඳ ගත්තා. ඊට පස්සේ මම තාත්තා කරපු ටෙලි චිත්‍රපටයකටත් තේමා ගීතයක් ගායනා කළා. ඒක පැරැණි ගීත විලාසයට කරපු වෙනස්ම ආකාරයේ ගීතයක්. ඒකටත් බාල, තරුණ, මහලු හැමෝම කැමැති වෙයි.

නළුවෝ ගායකයෝ වෙනවා. ගායකයෝ නළුවෝ වෙනවා. ඒක දැන් ට්‍රෙන්ඩ් එකක්. නළු භූමිකාවේ හිටපු සංගීත් ගායකයෙක් වුණෙත් ඒ ට්‍රෙන්ඩ් එක නිසාද?

නැහැ. මම ආදරය කරන ඒ වගේම මට පුළුවන් කියලා හිතෙන දේ තමයි රංගනය. මම මගේ ජීවිතේ පළමු තැන දීලා තියෙන්නේ මං තුළ ඉන්න රංගන ශිල්පියාට. නමුත් මට ගායන හැකියාවකුත් තියෙනවා. මම යාළුවෝ අතරෙදි සින්දු කිය කියා ඉන්න කොට මගේ තාත්තා තමයි කිව්වේ තමන්ගේ අනන්‍යතාවක් හදාගන්න කියලා. මගේ පළමුවැනි සින්දුව කළෙත් තාත්තාගේ වුවමනාවට. ට්‍රෙන්ඩ් එක ගැන හිතලා නෙවෙයි තමන්ගේ දක්ෂතාවක් තියෙනවා නම් ඒක පෙන්නන එකේ වරදක් නැහැ.

සංගීත්ගේ පෙනුමේ වෙනස ගැනත් දැන් ගොඩක් අය කතා කරනවා.

රංගන ශිල්පියෙක් වුණාම තමන්ව ර්චඪදබචඪද කරන්න ඕන. විලාසිතා ගැන, පෙනුම ගැන හිතන්න ඕන. පිටරටවල රංගන ශිල්පීන්, ශිල්පිනියන් එහෙමයි. කවුරු වුණත් ලස්සනට ඉන්න ඕන. සංගීත්ව ඕන විදියකට වෙනස් වෙන්න පුළුවන් කියලා මම පෙන්නුවා. පෙනුමෙන් වගේම වැඩවලින් ඒ වෙනස් කෙනා එළියට ඇවිත් දැන් වැඩ කරගෙන යනවා.

සංගීත් අම්මටයි තාත්තටයි ගොඩක් ළැදියිනේ. සංගීත්ගේ ජීවිතේ තාමත් තීරණ ගන්නේ අම්මයි තාත්තායිද?

නැහැ. මගේ ජීවිතේ තීරණ ගන්නේ මම. අම්මයි තාත්තයි මාව අවුරුදු 18 වෙනකන් උස් මහත් කළා. ඒ වෙනකල් මම එයාලා කියන දෙයට ඇහුම්කන් දුන්නා. ඊට පස්සේ එයාලා මට තීරණ ගන්න ඉඩ දුන්නා.

මම තනියෙන් තීරණ ගත්තත් මම අම්මටයි තාත්තටයි ගොඩක් ආදරෙයි.

සංගීත් ජීවිතේ ගත්ත තීරණ හරි කියලා හිතනවද?

මම මට ඕන විදියට තීරණ ගන්නේ. මට අවශ්‍ය විදියට හිතලා ගත්ත තීරණ හරි කියලා මම හිතනවා.

සංගීත් ආයෙත් තනිකඩ ජීවිතයට තිත තියන්නේ කවද්ද?

තාම ඒ ගැන නම් කිසිම අදහසක් නෑ. මට ජීවිතේ අරමුණු තියෙනවා. මට මගේ අම්මා තාත්තාව බලා ගන්න පුළුවන්. කවදා හරි දවසක තනිකඩ ජීවිතේට තිත තියයි. හැබැයි තාම ඒ ගැන අදහසක් නෑ.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »