විශ්ව විවාහක රූ රැජන තරගයට යන්න කලින් නදීපා කිව්ව කතාව

Dec 07, 2018 10.17am
feature-top
මෙවර ර්පඵ ඉපඪ ඹ්චදඬච ටධප ර්පඵ උදඪමඥපඵඥ කිරුළ හිමි වුණේ ඔබට. ඒ ජයග්‍රහණය ගැන සතුටින් ඇත්තේ?

ඔව්, ඇත්තටම ඒ ජයග්‍රහණය ගැන සතුටුයි. මොකද මේක මම බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි.

ඔබ මේ ජයග්‍රහණය බලාපොරොත්තු වුණේ නෑ කිව්වේ ඇයි?

මේ තරගයට ගියාට පස්සේ ඒක ඇතුළේ ඩාන්සින්, මියුසික් වගේ දේවල් ඉදිරිපත් කළා. ඒ දේවල් කරද්දී සහ මම අන්තිම 12 දෙනාට තේරුණාට පස්සේ දිනන්න පුළුවන් වෙයි කියලා ආත්ම විශ්වාසයක් ආවා. මොකද මම පාසලේදීත් ගොඩාක් ඒ වගේ බාහිර වැඩ කළා.

ඔබේ ජයග්‍රහණය ගැන තරගයේ හිටපු හැමෝම සතුටු වෙන්න ඇතිද?

ගොඩක් අය මට සුබපැතුවා. ඒගොල්ලන්ට මං සම්බන්ධයෙන් එහෙම ප්‍රශ්නයක් නෑ. අනෙක් අය ගැන නම් එහෙම ප්‍රශ්න තියෙනවාද කියන්න මම දන්නේ නෑ.

ඇයි මේ වගේ තරගයකට සහභාගි වෙන්න හිතුණේ?

මම මුලින්ම ක්ෂේත්‍රයට ආවේ ගුවන්විදුලියේ ළමා පිටියෙන්. ඊට පස්සේ හඬ කැවීම් ශිල්පිනියක් විදියටත් වැඩ කළා. ස්වාධීන රූපවාහිනියේ වගේම ස්වර්ණවාහිනියේ නිවේදිකාවක් විදියටත් වැඩ කළා. ඊට පස්සේ ආමි එකේ අවුරුදු 2ක් වැඩ කළා. දැන් මම නීතිඥවරියක්. හැබැයි ඒ සියලුම වැඩ මම බබා නිසා නැවැත්තුවා. මොකද සල්ලිවලට වඩා මට බබාව වටිනවා. එයාට මවුකිරි දෙන්න ඕන. ඒත් එක්කම සැමියාගේ වැඩත් තියෙනවා. හැමෝම මට බැන්නා මම කිසිම දෙයක් නොකර ගෙදරට වෙලා ඉන්නවා කියලා. කවුරුත් මගේ වටිනාකමක් දැක්කේ නෑ. අම්මාට තමයි ඕන වුණේ මාව මේ තරගයට යොමු කරන්න. අම්මා තමයි කිව්වේ මේ තරගයට ඉල්ලුම් කරලා බලන්න කියලා.

මේ තරගය වෙනුවෙන් ඔබ කොයි විදියටද මහන්සි වුණේ?

ඇත්තටම මම මේ තරගයට එන්න කලින් සැලෝන් එකකටවත් ගියේ නෑ. ජචබඹචතඬ වගේ දේවල් නම් පැජන්ට් එක තුළදි තමයි පුරුදු වුණේ. තව යූ ටියුබ් එකෙන් නයෝමි කැම්බල්ගේ ලෙසන්ස් බලලා කැට් වෝක් එක තව පුරුදු වුණා. හැබැයි මගේ බර වැඩි වෙලා තිබ්බා. තරගයට එන්න කලින් බර අඩු කරගන්න සෑහෙන්න මහන්සි වුණා. ගොඩාක්ම ධනාත්මක චින්තනය වැදගත්. මම පවුල වෙනුවෙන් ගොඩාක් කැප වුණු කෙනෙක්. ඒ දේවල් තමයි මට මේ අනිත් පැත්තට ලැබෙන්නේ. මොකද අපි දෙයක් කරනවා නම් අපිට ඒ වෙනුවෙන් අනෙක් පැත්තට දේවල් ලැබෙනවා.

කිරුළ දිනා ගැනීම පිටුපස්සේ ඔබට ලොකු බරක් තිබෙනවා නේද?

ඇත්තටම ඒක ලොකු බරක් වගේ දැනුණා. මොකද පොඩි ළමයෙක්ට වගේ නම් මේ වගේ ජයග්‍රහණයක් ලැබුණාම එක එක අවස්ථා ලැබෙනවා. හැබැයි මම අම්මා කෙනෙක්, බිරියක් නිසා මට සමාජ වගකීමක් තියෙනවා. ඇත්තටම කිරුළ ලැබුණාට පස්සේ අපිට උදවු කරන්න කවුරුත් නෑ. අපිට ලොකු වියදමක් දරන්න වෙනවා. රෝසි සේනානායකගෙන් පස්සේ මේ වගේ ජාත්‍යන්තර කිරුළක් ගේන්න කාටවත් බැරි වුණා.

මොකද අපිට හරි ක්‍රමවේදයක් නෑ. මේ තරගයට රටවල් 85ක් සහභාගි වෙනවා. මම හැර අනෙක් හැම රටකම අය හොඳට පුහුණු වෙනවා. මම හරිම ආමාරුවෙන් පුහුණු වෙන්නේ. මම ඉන්නේ පානදුරේ. හැබැයි මම ගනේමුල්ලේ තියෙන ජිම් එකකට යන්නේ. කවුරුත්ම නෑ සපෝට් එකට. මේ වගේ දෙයක් ලබාගන්න ලස්සන විතරක් තිබිලා මදි. බුද්ධිය තියෙන්නත් ඕන. ගම්වල ඕන තරම් ඒ වගේ බුද්ධිමත් ළමයි ඉන්නවා. හැබැයි ඒ අයව පුහුණු කරලා හොඳ තැනකට ගේන්න ඕන. එහෙම දවසක තමයි අපිට ආපහු ක්‍රවුන් එකක් ගේන්න පුළුවන් වෙන්නේ.

තරගයේදී ඔබට ආපු අභියෝග මොනවද?

බබාගේ වැඩත් එක්කනේ මේ දේවල් කරන්න වුණේ. ඒ දේ තමයි අභියෝගයක් වුණේ. මොකද මේ තරගය ඉක්මනට තිබුණු එකක්. උදේ ගෙදරින් ගියාම ආයෙත් මට ගෙදර එන්න වුණේ රෑ වෙලා. වෙලාව කළමනාකරණය කරන එක තමයි අමාරුම වුණේ. තරගය ඇතුළෙදි නම් හැම දෙනාම හරිම සහයෝගයෙන්, සතුටින් හිටියා.

තරගය ඇතුළේ අනෙක් තරගකාරියන් ඔබට අභියෝගයක් වුණේ නැද්ද?

අභියෝගයක් වුණා. මොකද ඒ හැමෝම වගේ දක්ෂයි. පහුගිය වතාවලට වඩා දක්ෂ කට්ටියක් මේ සැරේ හිටියා. නර්ස් කෙනෙක් වගේම ටීචර් කෙනෙකුත් මේ තරගයේ හිටියා. ඒ වගේ අයත් එක්ක තරග කරලා ලබාගත්තු දෙයක් මේ ජයග්‍රහණය. නිතරගයෙන් ලබපු ජයග්‍රහණයක් නෙවෙයි මේක. ඒ නිසා ඒ ගැන සතුටුයි.

ඊළඟ පැජන්ට් එක පැවැත්වෙන්නේ කොහේද?

පිලිපීනයේ සෙබු කියන දූපතේ තමයි තරගය පැවැත්වෙන්නේ. රටවල් 85ක් මේකට සහභාගි වෙනවා. අපේ රටේ තමයි අන්තිමට මේ තරගය තිබුණේ. ඇත්තටම පුහුණුවීම් කරන්න සති දෙකක වගේ පොඩි කාලයක් තමයි මට තියෙන්නේ. තරගය තියෙන්නේ දෙසැම්බර් 4 වැනිදා ඉඳන් දෙසැම්බර් 11 වැනිදා දක්වා.

ජාත්‍යන්තර ජයග්‍රහණය වෙනුවෙන් කොයි වගේ සූදානමක්ද තියෙන්නේ?

මේ දවස් ටිකේම ඒ තරගයට යන්න මහන්සි වෙනවා. හැබැයි ඒ කරන පුහුණුවීම් මදි. ජාත්‍යන්තර තරගාවලියකින් තුන්වැනි ස්ථානය ලබා ගත්ත සබීතා තමයි මාව පුහුණු කරන්නේ. මගෙන් මුදලක්වත් ගන්නේ නෑ. අවිස්සාවේල්ලේ ඉඳලා එයා හැමදාම කඩවතට එනවා. කවුරුවත් මං ගැන හොයලා බලන්නේ නෑ. ඇත්තටම මුලින් මම මේක අතහරින්න හැදුවේ. යන්න බෑ කියලා හිතුණු අවස්ථා තිබුණා. ස්පොන්සර් කරන්න කෙනෙක් නෑ. දිල්රුක්ෂි තමයි සුම්බා ක්ලාස් එකේ ප්‍රැක්ටිස් කරවන්නේ. ඇත්තටම මේකෙන් කට්ටක් හැරෙන්න ලැබුණු දෙයක් නෑ.

ඒ කිරුළත් දිනන්න පුළුවන් වෙයි කියලා හිතනවාද?

එහෙම ලැබෙනවා නම් ආසයි. හිත යටින් ඒ ගැන බලාපොරොත්තුවක් තියෙනවා. හැබැයි මං ඒ ගැන ලොකුවට කතා කරන්නේ නෑ. හරිහමන් පුහුණුවීමක් නෑ. අන්තර්ජාතික මට්ටමට යනකොට හොඳ පුහුණුවීමක් ඕන. හැබැයි අපිට ඒ දේ ලැබෙන්නේ නැහැ. ලොකු කැප කිරීමක් කරලා කිරුළ වෙනුවෙන් උපරිම උත්සාහයක් ගන්නවා. ඇත්තටම පැජන්ට් එකකින් එළියට එන අයට මෙහෙමද වෙන්නේ කියලා හිතෙනවා. ඇත්තටම දුකයි.

මේ වගේ ජයග්‍රහණ ගන්න අය පසුකාලීනව නිළියන් ලෙස දකින්න ලැබෙනවා. ඉදිරියේදී ඔබත් රංගනයෙන් දකින්න ලැබෙයිද?

දැනට ආරාධනාවක් ඇවිල්ලා තියෙනවා. ඒත් ඒක හරියටම කියන්න බෑ. මම ස්ටේජ් ඩ්‍රාමා කරලා තියෙනවා. රඟපාන්න ආසයි. ඒ වගේම ඒකට හැකියාවක් තියෙනවා කියලා තේරෙනවා. හොඳ නිර්මාණ ලැබුණොත් භාර ගන්නවා.

උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »