කැළුම් ශ්‍රීමාල්ගේ දියණියගේ මංගල උත්සවය දවසේ බල්ලන්ට ඇරයුම් කළේ කවුද?
Jul 12, 2018 11.50am

ජනප්‍රිය නිවේදක කැළුම් ශ්‍රීමාල්ගේ දියණිය පාරමී පහුගියදා යුගදිවි ගමන් ඇරඹුවා. ජනප්‍රිය අයගේ දූදරුවන් විවාහවන විට ඒ ගැන ජනතා අවධානය යොමුවීම සාමාන්‍ය දෙයක්. පාරමිගේ මංගල උත්සවයත් අද වන විට අන්තර් ජාලය තුළ පවා කතාබහට ලක්වන උත්සවයක්. ඊට හේතුව ඇය කැළුම්ගේ දියණිය වීම පමණක්ම නොවෙයි. මෙම මංගල උළෙලට වගේම දෙවැනි ගමනේ උත්සවයටත් විශේෂ අමුත්තන් කීප දෙනෙකු පැමිණ සිටීමත් මෙය කතාබහට ලක්කළ මංගල උත්සවයක් බවට පත් වන්නට හේතු වුණා. මංගල උළෙලට පැමිණ සිටි සුවිශේෂ අමුත්තා බලු සුරතලෙක්. දෙවැනි ගමනට බලු පැටවුන් දෙදෙනකු සහභාගි වුණා. මේ විදියේ අමුත්තන් තමන්ගේ ජීවිතයේ වැදගත්ම දවසට කැඳවූවේ විශේෂ හේතුවක් නිසාද කියලා විමසන්න වගේම, මංගල උත්සවයේ වැඩිදුර තොරතුරු දැනගන්නත් එක්ක අපි පාරමීටයි ඇගේ අතගත්තු නිරාන්ටයි කතා කළා.
මුලින්ම අපි පාරමීගෙයි නිරාන්ගෙයි ආදර කතාව ගැන විමසලා බලමුකෝ...
පාරමී - මම වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ සම්බන්ධිකාරකවරියක්. රැකියාව කරන්නේ ඕස්ට්‍රේලියාවේ ඒ විදෙස් ගතවන අවස්ථාවක ගුවන් තොටුපලේදී තමයි නිරාන් හමුවුණේ. නිරාන් “ශ්‍රී ලංකා එයා ලයින්” රැකියාව කරනවා. මුලදී අපි කතා කළේ රාජකාරී මට්ටමින්.
නිරාන් - පාරමී දැකපු හැටියේ මම හිතුවේ ජපන් ගැහැනු ළමයෙක් කියලා. මම ළඟට ගිහින් කතා කළා. එතකොට තමයි දැනගත්තේ ඇය ලංකාවේ බව. ඒ වෙලාවේ රාජකාරී මට්ටමෙන් මම පාරමීට උදව් කළා. පස්සේ දුරකථනයෙන් ජ්ඕ එකෙන් කතා කළා. දන්නෙම නැතුව දෙදෙනාගේම හිත්වල ආදරයක් ඇති වුණා. හැබැයි මම පාරමී ගැන ආදර හැඟීමක් ඇති කරගන්න විට දැනගෙන හිටියේ නැහැ. ඇගේ තාත්තා කැළුම් ශ්‍රීමාල් බව.
ඒ විදියට ආදරවන්තයින් වූ දෙදෙනා පසුගිය ජූනි 20 වැනිදා ජාඇල කල්එළිය ශාන්ත ජෝකින් පල්ලියේදී යුගදිව ගමන් ඇරඹුවේ දෙපාර්ශ්වයේම ආශිර්වාදය ඇතිවයි.
විවාහ උත්සවයට පැමිණි විශේෂ අමුත්තෝ හින්දා අද අන්තර්ජාලය තුළ ඔබලාගේ මංගල උත්සවය ගැන බොහෝ අය කතා කරනවා...
මංගල උත්සවයට බලු සුරතලෙක් සහභාගි කරවාගන්නයි දෙවැනි ගමන සඳහා බලු පැටවුන් දෙදෙනක් එකතු කරගන්න කටයුතු කළේ මමයි. එහෙම කළේ පාරමී සතුන්ට ගොඩක් ආදරේ හින්දා.
පාරමී සතුන්ට බෙහෝ ආදරේ කරන කෙනෙක්ද?
ඇත්තටම ඔව්. මම සතුන්ට ගොඩක් ආදරෙයි. මම පුංචි කාලේ ඉඳන් හීන මැව්වේ දවසක පශු වෛද්‍යවරියක් වෙන්නයි. ඉස්සර මම අපේ ගෙදරත් බල්ලන් ඇති කරනවා. ඒත් අම්මා කැමති නැහැ මම අනවශ්‍ය විදියට සතුන්ට ආදරේ දක්වන එකට. ඒ හින්දම තමයි මම පශු වෛද්‍ය ක්ෂේත්රයට යන අදහස අතෑරලා ඊ තෝරාගත්තේ.
පාරමී සතුන්ට දක්වන ලෙන්ගතුකමට නිරාන්ගේ විරෝධයක් නැද්ද?
නැහැ. මම ඇගේ සතුටට ඉඩ දෙනවා. දැනට පාරමී ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා ඉන්න හින්ද ඉදිරියේදී මමත් ඇය සමග එහි පදිංචියට යනවා. කාර්ය බහුලකම හින්දා දැනට තමන්ගෙ ගෙදර සතුන් ඇති කරන්න විදියක් නෑ කියලා පාරමී දුක්වෙනවා. මමත් එහෙ ගියාම අපි හිතාගෙන ඉන්නේ සුරතල් බල්ලන් දෙදෙනකු ඇති කරන්නයි.
උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි


පාඨමාලා ගාස්තු අඩු කරන්න ඉල්ලා විවෘත විශ්වවිද්‍යාල සිසුන් පාරේ
2019-02-23 03:50:00කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටු
2019-02-23 03:48:00මධුෂ්ගේ M39 නවීන ගිනි අවිය ප්‍රභූ ඝාතනයකට..දේශපාලන කුමන්ත්‍රණයක්දැයි සැක..
2019-02-23 02:55:00කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්
2019-02-23 02:48:00පොලීසිය තුළදීම මුගුරකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කරයි
2019-02-23 02:12:00ව්‍යාපාරිකයන් දෙදෙනාගේ ඝාතනවලට විරෝධය පා රත්ගම වැසියන් ගාලූපාර වසයි.
2019-02-23 02:02:00මොන ඡන්දෙ ආවත් අපි ලෑස්තියි
2019-02-23 01:47:00'ඛේමාගේ කොලුවා' මංගල දේශපාලනයේ 30 සමරයි..කොළඹ ලොකු උත්සවයක්..ඇමරිකාවෙනුත් එයි
2019-02-23 01:34:00විද්‍යාපීඨ අයදුම්පත් 80,000ක්..බදවා ගැනීම දැඩි අර්බදයක්..
2019-02-23 01:28:00සප්ත කන්‍යා කඳුවැටිය තරණයට සංචාරකයන්ට අවස්ථාව
2019-02-23 01:23:00ඒඩ්ස් (HIV) පරීක්ෂණයක් කරන්න රන්ජන් බෑ කියයි..
2019-02-23 12:18:00
© Copyright 2017-Tharunaya.com . Design by:Tharunaya.com