ගම්‍යා හීන මවන දමිළ නළුවා කවුද?

Jul 11, 2018 10.58am
feature-top
ගම්‍යා දැන් ලංකාවේ සිනමාවටත් එකතු වෙලා. මේ දවස්වල මොනවද අලුත් වැඩ?

ලංකාවේ මම සම්බන්ධ වුණ පළමුවැනි චිත්‍රපටය තමයි අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරන ව්ඪදඥබර ඉඥමඥදබර ඹ්ධමඥ ඉබධපර කියන්නේ. ඒ චිත්‍රපටයේ වැඩ නිම කළා. මම, හේමාල්, බිමල් ජයකොඩි, අශාන් ඩයස් වගේ පිරිසක් තමයි ඒ චිත්‍රපටයේ ඉන්නේ. ඒක වාණිජ පැත්තට බර කලාත්මක පසුබිමකුත් තිබෙන විශේෂ ආකාරයේ නිර්මාණයක්. ඒක මට හොඳ ආරම්භයක් තියන්න පුළුවන් නිර්මාණයක් කියලා හිතෙනවා. තවත් චිත්‍රපට කිහිපයකට මට ආරාධනා ලැබිලත් තියෙනවා.

ලාංකේය නිර්මාණයකට සම්බන්ධ වුණ පළමු වැනි අවස්ථාව වුණාට ගම්‍යාට රංගනය නුහුරු අත්දැකීමක් නෙවෙයිනේ?

මට රංගනය නුහුරු නැහැ. මම ඉන්දියාවේ චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. ඒ අතරින් ඒතචචන කියන චිත්‍රපටය තිරගත වුණා. ඕස්ට්‍රේලියාවෙත් ටෙලිනාට්‍ය සහ වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා වැඩ කරලා තියෙනවා. විදේශීය නිර්මාණවලට සම්බන්ධ වුණාට ලංකාවේ නිර්මාණයකට මුලින්ම සම්බන්ධ වෙද්දි ඒ නිර්මාණයේ හිටපු හැමෝම මට උදවු කළා. රංගනය කියන දේ මට කරන්න පුළුවන්. ඒ ගැන මට ආත්ම විශ්වාසයක් තියෙනවා.

ගම්‍යාට විදේශීය නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව විවර වුණේ කොහොමද?

මම රංගනය හැදෑරුවේ ඉන්දියාවෙදි. ඒ වගේම මම මිස් ශ්‍රී ලංකා කිරුළ ලබාගත්තා. මම ඉන්දියාවේ හිටපු අවුරුදු පහක කාලය තුළ හින්දි භාෂාව ඉගෙන ගත්තා. හින්දි සිනමාවටත් මම පොඩි කාලේ ඉඳන් ආසයි. හින්දි භාෂාව ඉගෙන ගන්න පෙලඹුණෙත් ඒ නිසා. ඉන්දියාවේ ඉඳන් රංගනය හදාරද්දි මට සිනමාවේ අවස්ථා ලැබුණා. ඒ ගමන කර්කශයි, අසීරුයි. නමුත් මම ආස කරන දෙයක් නම් මම අසීරුකම් විඳගන්නවා.

විදේශීය නිර්මාණවලට සම්බන්ධ වුණ ගම්‍යා ලංකාවේ නිර්මාණවලට යොමුවෙන්න හිතුවේ?

සිනමාව කියන්නේ විශ්වීය මාධ්‍යක්. මම විදේශීය නිර්මාණවලට සම්බන්ධ වුණා වගේම ලංකාවේ නිර්මාණවලටත් සම්බන්ධ වෙන්න කැමැතියි. කොහේ වැඩ කළත් අපේ භාෂාවෙන් වැඩ කරන්න මම කැමැතියි. දැන් මම ලංකාවේ වැඩවලට මුල්තැන දෙනවා.
ලංකාවේ සමහරු විදේශීය දේ අගයනවා. නමුත් ගම්‍යා විදේශීය නිර්මාණවලට අවස්ථාව තිබියදී ලංකාවේ නිර්මාණවලට මුල්තැන දෙන්න උත්සාහ කරනවා. ඇයි ඒ..?
මම අවුරුදු විස්සක්, විසිපහක් ඕස්ට්‍රේලියාවේ ගත කරලා තියෙනවා. ඒ නිසා මට පිටරටවල අවස්ථා ලැබෙනවා. මගේ දක්ෂතාව උරගා බලන්න අවස්ථාව ලැබෙනවා නම් මට ඒක ලංකාවෙද වෙන රටක නිර්මාණයක්ද කියලා අදාළ නැහැ. මට විවිධ භාෂාහැකියාවන් තියෙන නිසා විදේශීය නිර්මාණවලට සම්බන්ධ වෙනවා. ඒත් මම ලංකාවේ සිනමාවටත් කැමැතියි.

ඉන්දීය සිනමාවට ඇලුම් කරන ගම්‍යා එකට රඟපාන්න හීන දකින නළුවන් ඉන්නවද?

ඔව්. එකට රඟපාන්න කැමැති ශිල්පීන් කිහිපදෙනෙක් ඉන්නවා. දමිළ සිනමාවේ නම් මම සූර්යා එක්ක රඟපාන්න කැමැතියි. හින්දි සිනමාවේ නම් අමීර්ඛාන්, රන්වීර් සිං, රන්බීර් කපූර් එක්ක රඟපාන්න කැමැතියි. අවස්ථාවක් ලැබුණොත් කැමැත්තෙන් සම්බන්ධ වෙනවා.

ලංකාවේ නිර්මාණයක් භාරගනිද්දී ගම්‍යාගේ වටිනාකමේ තක්සේරුව වැඩිද..?

මගේ වටිනාකම මොකක්ද කියලා තක්සේරුවක මම ඉන්නවා. අපි කරන වැඩේට අපි වැය කරන කාලයට වටිනාකමක් තියෙන්න ඕන. සමහර වෙලාවට යම් නිර්මාණයක වැඩ කිරීමේ වුවමනාව දැඩි නම් අනෙක් දේවල් ගැන නොසලකා හරින අවස්ථා තියෙනවා. නමුත් අද වෙනකල් මට මගේ වටිනාකම ඉල්ලන්න කලින් ලැබිලා තියෙනවා.

පුංචි තිරයේ වැඩවලට සම්බන්ධ වෙන්න අදහසක් නැද්ද..?

දැන් අපිට දකින්න ලැබෙන ටෙලි නිර්මාණ ගැන නම් ආසාවක් ඇතිවෙන්නේ නැහැ. හොඳ නිර්මාණත් නැතිවම නෙවෙයි. ඒත් මගේ ගමන ගොඩක් දුරට තියෙන්නේ සිනමාව තුළ. මම සිනමාවට තමයි ගොඩක් ප්‍රිය.

හිරු මෙගා ස්ටාර් වැඩසටහනෙන් පස්සේ ගම්‍යා නිවේදිකාවක් විදියට දැක්කේ නෑනේ..?

හිරු මෙගා ස්ටාර් වැඩසටහනෙන් පස්සේ මට කරන්න ඕන වුණේ ඒ තත්ත්වයේම වැඩසටහනක්. මම ඒ වැඩසටහන හොඳට ඡ්දණධර කළා. මම ඒ වැඩසටහනේ තත්ත්වයට වඩා අඩු දෙයක් කළොත් අපි කරපු දේ අගයක් නැති වෙනවා. මට ආරාධනා නම් කිහිපයක් ආවා. ඒත් හිරු මෙගා ස්ටාර් වැඩසටහනේ තත්ත්වයට කිට්ටු දෙයක් ලැබුණේ නැති නිසා ඒ ආරාධනා භාරගත්තේ නෑ. ඉවසලා ඉන්නවා. හොඳ තත්ත්වයේ අවස්ථාවක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.

දැන් ගම්‍යාගේ ජීවිතේ විශේෂ කෙනකුත් ඇති..?

තාම නැහැ. මම ඒ දේ ගැන උනන්දුවක් නැතුවත් නෙවෙයි. මට හරියන කෙනා තාම ලැබුණේ නැහැ. ඒ කෙනා මුණගැහුණම බලමු ඉදිරිය ගැන.


උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »