රුවන් වික්‍රමසිංහ දුෂ්ටයාට අඳියි

Jul 07, 2018 11.47am
feature-top
රුවන් වික්‍රමසිංහ කියන්නේ හෙමින් ගමනක් පැමිණ ස්ථාවරත්වයක් ගොඩනගා ගත් නළුවෙක්. එහෙත් මේ දවස්වල වැඩි සද්දයක් බද්දයක් නැති නිසා අපි රුවන්ට කතා කළා.

‘‘නලින් මාපිටියගේ ‘මංසල‘ ටෙලි නාට්‍යයේ මේ දවස්වල වැඩ. ඇත්තම කියනව නම් කාලයකට පස්සේ ලැබුණු වෙනස්ම චරිතයක්. මෙහි මම දුෂ්ඨයගේ චරිතය තමයි කරන්නේ. ඒ චරිතයට සාධාරණයක් කරන්න මට හැකිවුණා කියන විශ්වාසය තිබෙනවා. ඒ නාට්‍යයේ එම චරිතය මම කළේ හරි පෙරේතකමින්.

ඊට අමතරව වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘පින්තාරු තුනක්‘, ‘පාලම් තුන හන්දිය‘ කියලා. පින්තාරු 03 ක් කියන වේදිකා නාට්‍යයේ එම පැය කිහිපය තුළ චරිත කිහිපයකට මාරු වෙන්න අවස්ථාව ලැබෙනවා. මෙයත් මා ලැබූ අලුත්ම අද්දැකීමක්. නොර්වේ ගිහින් රූගත කිරීම් කළ ‘නතාලියා‘ ටෙලි නාට්‍යයත් විකාශනය වෙමින් තිබෙනවා. අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. එහෙත් මගේ පෞද්ගලික මතය සමහර නාට්‍ය වලට වෙලාවක් දීමක් පලක් නැහැ කියලා. මොකද එවැනි අවර ගනයේ නාට්‍යවලට සම්බන්ධ වෙලා පසුකාලීනව හැරිල බලද්දි සතුටු වෙන්න බැරි නම් පලක් නැහැ. අනෙක් පැත්තෙන් මම ඉංග්‍රීසි ගුරුවරයෙක්, දරුවොත් එක්ක වැඩ කරන්නේ, ඒ අය ඉදිරියට යන්න පුළුවන් හයිය තියාගන්න ඕනි. එ නිසා සල්ලි හින්ද කලාවවත්, ආත්මයවත් පාවා දෙන්නේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ.‘‘


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »