මීවිත පිරුණා ගීතයෙන් හිට් වු දිනේෂ් මෙදා සැරේ කළ වෙනස

Jul 04, 2018 10.41am
feature-top
දිනේෂ්ගේ අලුත් වැඩක් ප්‍රේක්‍ෂකයෝ අතරට ඇවිත්?

ඔව්. අලුත් ගීතයක් නිර්මාණය කළා. දේදුනා ආශා කියලා. ඒ සින්දුව පද රචනය කළේ ශෙහාන් ගලහිටියාව. ශෙහාන් කියන්නේ මුදල් පරමාර්ථයකින් තොරව මට උදවු කරන කෙනෙක්. ඒ වගේම මට ලොකු මඟ පෙන්වීමක් ලබා දෙනවා. ගීතය සංගීතවත් කළේ ශිවන්ත ආශ් සහ මම.

මේ දවස්වල බොහෝ දෙනෙක් විරහව ගැන ගීත නිර්මාණය කරද්දී ඇයි ඔබ වෙනස් දෙයක් කරන්න හිතුවේ?

හැමෝම කරන විරහව නැතිව මට අවශ්‍ය වුණේ ඒකෙන් පිටට ඇවිල්ලා වෙනස් දෙයක් කරන්න. ආදරය තේමා කරගෙන නිර්මාණය වුණ වෙනස් ගීතයක් මේක. මං හිතනවා ඒක සාර්ථක වුණා කියලා. දැනට ලැබිලා තියෙන ප්‍රතිචාර ඔක්කොම හොඳයි. සින්දුවේ තියෙන හොඳ වගේම වැරදි අඩුපාඩු ගැනත් අදහස් ලබා දෙන්න කියලා මං ප්‍රේක්‍ෂකයන්ගෙන් ඉල්ලනවා.

මියුසික් වීඩියෝවෙත් වෙනසක් තියෙනවා නේද?

ඔව්. මේ වීඩියෝවේ කතාවක් නෑ. ඉතධඹ ර්ධබඪධද යන වීඩියෝ ෂොට්ස්වලින් යන්නේ. නිදහස් විදියට යන ආදරේ තේමා කරගත්තු වීඩියෝවක් මේක. වීඩියෝ එක කළේ නිෂාන් සහ චමිල කියලා දෙන්නෙක්.

ගීතයට ලැබුණ ප්‍රතිචාරත් එක්කද මියුසික් වීඩියෝව කරන්න හිතුවේ?

ඕඩියෝ එකයි වීඩියෝ එකයි දෙකම එකට කළේ. ඒත් ඕඩියෝ එක කලින් රිලීස් කළා. මාලන් පීටර් කියල කෙනෙක් තමයි මේ අදහස ගෙනාවේ. එයාගේ බිරිය තමයි මේ වීඩියෝවේ රඟපෑවේත්. යුරෝප් ස්ටයිල් එකට මේක කළේ.

මේ ගීතයත් "මීවිත පිරුණා" ගීතය වගේම හිට් එකක් වෙයිද?

මීවිත පිරුණා කියන ගීතයෙන් තමයි ගොඩක් අය මාව හඳුනා ගත්තේ. අදටත් මගේ නම කිව්වම මාව දන්න පිරිසට වඩා මීවිත පිරුණා සින්දුව කියන කෙනා කිව්වම දන්න පිරිස වැඩියි. ඒ ගීතය මාව අභිභවා ගියපු ගීතයක්. ඒ හා සමානව මේ ගීතය හිට් වෙයිද කියලා කියන්න අමාරුයි. හැබැයි ඒ තැනට මේ ගීතය ගේන්න ඕන කියලා බලාපොරොත්තු වෙනවා. තීරණය තියෙන්නේ මගේ රසික රසිකාවියෝ අතේ තමයි.

ගොඩක් අය ජනප්‍රියතාව තියාගන්න එක එක දේවල් කරනවා. ඔබ ඒකට මොකද කරන්නේ.

මම නිතරම කොලිටි වැඩක් කරන්න උත්සාහ කරනවා. ඒ හරහා මම මිනිසුන් අතර ඉන්නවා.

ගොඩක් අය තරු වැඩසටහන්වලින් ඇවිල්ලා නිවිලා යනවා. ඔබ එහෙම නෑ නේද?

ඔව්. මමත් තරු වැඩසටහනකින් තමයි ආවේ. හැබැයි මගේ නම ර¼දා පවත්ව ගන්න මම දැන ගන්න ඕන. මගේ පළමුවැනි ගීතයෙන් මම මගේ තැන හදා ගත්තා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.

අද කාලේ ගීත කළාට එය ප්‍රචාරය කරගන්න අපහසුතාවක් තියෙනවනේ. දිනේෂ්ටත් මුදල් දීලා ගීත ප්‍රචාරය කරගන්න වෙලාද?

කවදාවත් මම මුදල් දීලා සින්දු ජනප්‍රිය කරගෙන නෑ. මුදල් දීලා සින්දු ප්‍රචාරය කරන්න ඕනේ කාලේ මම ගෙදරට වෙලා ඒවා තියාගෙන හිටියා. මීඩියාවලට සල්ලි දීලා ඒවා ප්‍රචාරය කරන්න තරම් මම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි. නමුත් කවුරුත් මගෙන් සල්ලි ඉල්ලලා නෑ. හැබැයි මේ වෙනකොට ලංකාවේ හැම නාළිකාවක්ම මගේ ගීත ප්‍රචාරය කරනවා. මම ඒකට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.

දිනේෂ්ගේ ගායන හැකියාව නිසා වැඩියෙන්ම එකතු කරගෙන ඉන්නේ රසිකයෝද? රසිකාවියෝද?

මට රසිකයොයි රසිකාවියොයි දෙගොල්ලොම ඉන්නවා. මට ඒ දෙගොල්ලන්ම ඕන. මගේ තරාදිය සමබරයි.

ඉදිරි වැඩකටයුතු මොනවාද?

තව ගීතයක් කරන්න සැලසුම් කරගෙන තියෙනවා. මීගමුව ප්‍රදේශයේ ඉන්න ප්‍රසිද්ධ සංගීත අධ්‍යක්‍ෂවරයෙක් මට ඒකට ආරාධනා කරලා තියෙනවා.


උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි

More News »