මුහුණ කැතැයි කියලා හිතපු යුරේනි කරපු දේ

Mar 02, 2018 12.49pm
feature-top
යුරේනි ඔබ කාලෙන් කාලෙට අලුත් පුවත් මවනවා. ලස්සන කොණ්ඩයක් තිබුණු ඔබ ඇයි හදිසියේම නළ‍ලේ කෙස් ගස් හිටවන්න සිතුවේ.
 
මම කොණ්ඩය හිටවන්න හිතුවේ මට පළල් නළලක් තිබුණු නිසා. මොකද මට ඒ පළල් නළල විශාල වදයක් වුණා. මම කැමරාව ඉස්සරහට ගියත් පාරට බැස්සත් මගේ නළල කැතට පෙනෙනවා කියලා තමයි නිතරම හිතුවේ. ඒ නිසා හැම වෙලාවෙම කොණ්ඩෙන් නළල වහපු එකයි, කොණ්ඩේ හදපු එකයි තමයි මම කළේ. මොකද මට මගේ නළල හරිම හිසරදයක් වෙලයි තිබුණේ. අනේ... දැන් තමයි මගේ හිතට නිදහසක් දැනෙන්නේ. 
 
කොහොමද මේ කොණ්ඩය හිටවන තැන සොයා ගත්තේ?
 
මේරියන්ස් බෑන්ඩ් එකේ නලින් පෙරේරා අයියව තමයි මට ඒ වෙලාවේ මතක් වුණේ. එයත් ඊට කලින් ඔය වගේ වැඩක් කරලා තිබුණා. මම නලීන් අයියට කතා කළාම එයා ච්ඩ්ඹ් ශ්‍රී ලංකා ආයතනය ගැන මට කිව්වා. මම ඒ ආයතනයට ගියාම මට ඒ ආයතනය ගැන ලොකු විශ්වාසයක් ඇති වුණා. පස්සේ මමත් කොණ්ඩේ හිටවන්න තීරණය කළා.
 
මේ අත්දැකීම ඔබට වේදනාකාරී වුණාද? 
 
අත්දැකීම නම් තරමක් වේදනාකාරීයි. හරියට පැළයක් හිටවනවා වගේ ක්‍රියාවලියක්. ඒත් වෛද්‍යවරු ගොඩක් හොඳට වැඩේ කළා. ඒ නිසා වේදනාවක් දැනුණේ නැහැ. පැය 6ක් විතර ගියා කොණ්ඩේ හිටවන්න.
 
කොණ්ඩේ හිටවන්න කලින් ඔබ ප්‍රේක්ෂකයන්ගෙන් අදහසුත් විමසුවා නේද?  
 
ඔව්, මම මගේ මුහුණු ‍පොත හරහා ලයිව් වීඩියෝ එකකින් ඇහුවා මගේ කොණ්ඩේ හිටවන්න යනවා මොකද කියන්නේ කියලා. කට්ටියක් කිව්වා අක්කි... ඔයාගේ කොණ්ඩේ දැන් තියෙන විදිහ හොඳයි කියලා. තවත් පිරිසක් කිව්වා. අක්කි ඉතිං ඔයාගේ රූපේ ගැන ඔයා දන්නවනේ. ඔයා කැමති දෙයක් කරන්න කියලා. මම හිතනවා මාස 6ක් විතර ගියාට පස්සේ මගේ කොණ්ඩේ වෙනස ගැන දැකලා ප්‍රේක්ෂකයෝ සතුටු වෙයි කියලා. මට හොඳ ප්‍රතිචාර ලැබේවි කියලත් මම හිතනවා.  
 
කවුරු හරි කිව්වද දැන් තියෙන කොණ්ඩේ කැතයි කියලා?
 
අ‍පොයි නැහැ. කවදාවත් මට එහෙම කවුරුත් කියලා නැහැ. මට ‍පොඩි කා‍ලේ ඉඳලම තිබුණේ පුදුම ලස්සන කොණ්ඩයක්. හැමෝම මගේ කොණ්ඩෙට ආශා කළා. සමහර ‍පොඩි කට්ටිය අක්කි අනේ ඔයාගේ කොණ්ඩේ මට දෙන්නකෝ කියලා මගේ කොණ්ඩේ අත ගාපු අවස්ථාත් තිබුණා. මගේ අම්මගේ වගේම ඝනකම් හොඳ කොණ්ඩයක් මට තිබුණේ. මගේ නළල කැතට පේන හින්දා තමයි මම කොණ්ඩේ හිටෙව්වේ.
 
අලුතින් හම්බවුණු විශේෂ පිරිමි ළමයා නිසා යුරේනි කොණ්ඩේ හිටෙව්වේ කියලත් සමහරු කියනවා නේද?
 
සමහරු එහෙම කිව්වට මට තාම එහෙම විශේෂ කෙනෙක් හම්බ වෙලා නැහැ. මට එහෙම කෙනෙක් හම්බවුණොත් මම ඔයාලට ඒක හංගන්නෙත් නැහැ. ඇත්තම කිව්වොත් අදටත් මම තනිකඩ යුරේනිම තමයි. 


උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි

More News »