චතුස්කාට ප්‍රතිචාර ගොඩයි

Oct 16, 2017 09.42am
feature-top
මේ දිනවල ජනප්‍රිය ගායිකා චතුස්කා ධනසේකර ගැන කවුරුත් කතා බහ කරන්නේ ඇය ගයන නවතම ගීතයක් නිසයි. ඒ නොයෙල් රාජ් සමඟ ගයන 'ආදරයෙන් ඉකිලන්න' ගීතයට චතුස්කා ද ගායනයෙන් දායක වීමයි. මේ ගැන වගේ ම ඇයගේ ගායනයට ලැබෙන ප්‍රතිචාර ගැනත් චතුස්කා අප සමඟ කතා බහ කළා‍.
“මම ගායන ලෝකයට එක් වන්නේ 2007 වසරේදී පමණ. එය සිදුවුණේ මගේ කැමැත්තටම නොවෙයි. මගේ සැමියාගේ කැමැත්ත මතයි. 2007 ක් 2010 ක් අතර කාලයේ දී මගේ පළමු ගීතය, ‘සමුගන්න දැන් ළඟයි...’ මම අවුට් කළා. ඉන්පසුව ‘සුදු මීදුමේ’, ‘නුරා ගී හැඟුම්’ ගීත ගායනා කළා. මේ ගීත සඳහා මිණි පුර ‘ෂා’ සංගීත කණ්ඩායම මට හුඟාක් උදව් කළා. ඒ අය මගේ සංගීත ගමන මෙතරම් දුරක් එන්නට අත්වැලක් වුණා. ඉන්පසුව තමයි නොයෙල් රාජ් සමඟ ගීතයක් ගායනා කරන්න අවස්ථාව ලැබුණේ. මෙහි පද රචනය ෂෙහාන් ගලහිටියාව මෙය සංගීතවත් කළේ ප්‍රියන්ත නාවලගේ. මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර හුඟක් හොඳයි. ඉදිරියේදීත් නවතම ගීත ඔස්සේ මගේ රසිකයන් හමුවෙන්න මම සූදානම්.


සිළුමිණ පුවත්පත ඇසුරෙනි

More News »