කලකට පසුව සෙව්වන්දි ගයන අපූරු ගීතය

Oct 16, 2017 09.40am
feature-top
පරපුරෙන් පරපුරට කලාවට නෑකම් කියූ වාසනාවන්ත ගායිකාවක් තමයි සෙව්වන්දි රණතුංග. මේ දවස්වල සෙව්වන්දි ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි ගායිකාවක් වී තිබෙනවා. ඒ ඇගේ හඬින් ගැයෙන ගී එතරම්ම මිහිරි නිසා. කලකට පසුව ඇය ප්‍රසංග වේදිකාවේ දී රසිකයන් වෙනුවෙන්ම ගීතයක් නිර්මාණය කර තිබෙනවා. ඇය මේ ගීතය මාධ්‍ය වෙත නිකුත් කළේ පසුගිය සතියේයි. සෙව්වන්දි ගේ නවතම ගීතය ගැන ඇය පවසන්නේ මෙවැන්නක්.‍'මේ ගීතය රිලීස් කරලා දින කිහිපයයි. ෆේස් බුක් ඔස්සේ ඕනම කෙනෙකුට රසවිදින්න පුළුවන්.
නොසිතා ඉන්න බෑ ම වාගේ...
කටුගා සිත පුරා...
නොඅසා ඉන්නවාද සිතුවිලි...
පිරුණේ ඔබ නිසා...
මේ ගීතය ලිව්වේ විමාලක මුහන්දිරම්. සංගීතය නිර්මාණය කළේ උදාර සමරවීර. මේ ආකාරයට අලුත්ම ගීතයකින් රසිකයන් අතරට එන්නට හිතුවේ බොහෝ කාලයකින් අලුත් ගීතයක් මට කරන්නට නොහැකි වුණු නිසා. ඒ වගේම ප්‍රසංග වේදිකාවේදී මගේ පුංචි නිරංජලා සරෝජිනී මහත්මියගේ ගීත මම ගායනා කරනවට රසිකයන් හුඟාක් කැමැතියි. ඒ වගේම හුඟක් අය කිව්වා මගේම ගීතයක් කරන්නෙ නැද්ද කියලා. මම කැමැති වුණේ නැහැ යන රැල්ලටම සිංදුවක් කරන්න. මොකද මට ගායන ක්ෂේත්‍රයේ රැක ගන්නට දෙයක් තිබෙනවා. හුඟක් හිතලා කාලය අරගෙන තමයි මේ ගීතය නිර්මාණය කළේ. මගේ හිතේ තිබුණු ඒ අදහස උදාර හොඳින් අවබෝධ කරගෙනයි මේ ගීතයට තනුව නිර්මාණය කළේ. ඒ අනූව විමාලක මෙයට පද රචනා කළා. මේ ගීතයට මේ වන විට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ ගීතය වෙනුවෙන් අර්ථවත් රූපරචනාවකුත් ළඟදීම නිර්මාණය කරනවා.


සිළුමිණ පුවත්පත ඇසුරෙනි

More News »