ප්‍රධාන චරිතම බලාපොරොත්තු වෙන්නේ නෑ

Sep 12, 2017 09.23am
feature-top
මොනවාද මේ දවස්වල වැඩ?

හේලන්කඩ සහ දිරිදියඹ නාට්‍යවල රූගත කිරීම් අවසන්. ඒවා ඉදිරියේදී විකාශය වෙන්න තියෙනවා. ඊට අමතරව මේ දවස්වල මිණිගන්දෑල ටෙලි නාට්‍යයේ රූගත කිරීම් කරගෙන යනවා.

"විසුවියස් කඳු පාමුල" ටෙලි නාට්‍යයත් එක්ක සුරංගට ප්‍රධාන චරිතයක් ලැබිලා නේද?

ඔව්. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. මම බලාපොරොත්තුවෙන් හිටිය දෙයක් ඉටු වුණා කියලා හිතෙනවා.

මේ සුරංගගේ පළමු රංගන අත්දැකීම නෙවෙයිනේ?

මම මේඝ, ගැමුණු මහරජ සහ වස්සාන ප්‍රේමය නාට්‍යවල චරිත කිහිපයක් කළා.

සුරංගට ප්‍රධාන චරිතයක් ලැබෙන්න කල් ගියානේ? මේ අවස්ථාව හැකියාවට ලැබුණ අවස්ථාවක්ද? හැඳුනුම්කමට ලැබුණ අවස්ථාවක්ද?

මේ නාට්‍යයේ අමල්ගෙ චරිතයට මාව හරියටම ගැළපෙන බව අධ්‍යක්ෂවරයාට තේ්රුම් ගිහින් තිබුණා. එහෙම නැතුව අධ්‍යක්ෂවරයාගෙ සහ මගේ දැනහැඳුනුම්කම මත නෙවෙයි මට මේ අවස්ථාව ලැබුණේ.

ඒ ගැළපුම ගොඩනැඟෙන්්න ඇත්තේ මොන හේතු නිසා කියලද හිතන්නේ?

මම ඉතාලියේ අවුරුදු හයක් විතර හිටියා. මේ නාට්‍යයේදී ඉතාලි භාෂාවෙන් කතා කරන්න තියෙනවා. ඒ වගේම මට ඒ සම්බන්ධව අත්දැකීම් තියෙනවා. මම හිතන්නෙ ඒ නිසයි මාව මේ චරිතයට ගැළපෙන්නෙ.

දිගටම ප්‍රධාන චරිත බලාපොරොත්තු වෙනවාද?

කොහෙත්ම නැහැ. මම එහෙම හැම නිර්මාණයකම ප්‍රධාන චරිතය බලාපොරොත්තු වෙන්නේ නෑ. මට යමක් කරන්න තියෙනවා නම් මම එයට සම්බන්ධ වෙනවා.

දැන් කාලේ ක්ෂේත්‍රයට ආව වගේ නෙවෙයි රැඳෙන්න අමාරුයි නේද?

ඔව්. තමන්ට අදාළ කටයුතු ටික හරියට කරන්න ඕන. එහෙම කළොත් රැඳෙන්න පුළුවන් වෙයි.

ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් හැකියාව විතරමද බලපාන්නේ?

හැකියාව විතරක්ම නෙවෙයි. අද තියෙන තත්ත්වය එක්ක ඒක වෙනස් වෙනවා. ඒත් ඉතින් දීර්ඝකාලීනව ක්ෂේත්‍රයේ රැඳෙන්න නම් හැකියාව බොහෝ දුරට බලපානවා. මීට අමතරව පුද්ගල බද්ධ සාධකත් බලපාන්න පුළුවන්.

ඔබ මේන්ටේන් කරන්නේ හැකියාවද පෞරුෂත්වයද?

හැකියාව තමයි මම මේන්ටේන් කරන්නේ.

වෙනත් වෘත්තියක් කරන ගමන්ද රංගනයට දායක වෙන්නේ?

ඔව්. මම ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන සහකාරවරයෙක් වශයෙන් කටයුතු කරනවා.

වෘත්තියක් කරන අතරතුර රංගනයටත් දායක වෙන්න හිතුවේ ඇයි?

මම රංගනයට පොඩි කාලෙ ඉඳන්ම කැමැතියි. ඒ වගේම මට රංගනයට හැකියාවක් තියෙනවා.

දිගටම ක්ෂේත්‍රයේ රැඳෙන්නද අදහස?

අනිවාර්යෙන්ම. විසුවියස් නාට්‍යය විකාශය වුණාට පස්සෙ මම මේ ක්ෂේත්‍රයේ ඉන්න ඕන තැන තීරණය වෙයි. ඊට පස්සෙ මට වැඩ ලැබෙනවා නම් අනිත් දේවල් නවත්වලා මේ කාරණයටම මූලික තැන දෙනවා.

මව්බිම පුවත් පත ඇසුරෙනි

More News »