රවීන් පෙම්වතාද? මනු එක්‌ක කරපු අලුත් වැඩේ මොකක්‌ද ? රවීන් මනු දිනක්‍ෂි ගැන ෂනුද්‍රි කියන කතාව

Sep 11, 2017 09.52am
feature-top
දිනක්‍ෂිව පහුකරන්න බැරිවෙයි

මේ ටිකේ තරමක්‌ කාර්ය බහුලයි වගේ ?

අලූත් නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබුණත් තාම වැඩකටයුතු ආරම්භ කළේ නැහැ. දෙවෙනි ඉනිමේ වැඩ කරගෙන යනවා. ඊට අමතරව ඉතිං මගේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා.

ඉස්‌සරහදි ශනුද්‍රිව දකින්න පුළුවන් නිර්මාණ මොනවද?

මගේ තාත්තා කරපු 'රහයි ජීවිතේ' ෆිල්ම් එක එන්න තියෙනවා. ඒක මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ රිලීස්‌ වෙයි. ඒක තාත්තිගේ අධ්‍යක්‌ෂණය. ඒ වගේම නිෂ්පාදනය තාත්ති ඇතුළු තවත් කිහිපදෙනකුගේ. මේ ෆිල්ම් එකේ මමයි ශේෂාද්‍රි අක්‌කයි දෙන්නම ඉන්නවා.

ඒ කියන්නේ ඔබේ අක්‌කා ශේෂාද්‍රි ආයෙත් රංගනයට එකතු උනාද?

නැහැ... මේක කලින් කරලා තිබුණු ෆිල්ම් එකක්‌. ඒකෙන් පස්‌සේ එයා ආයෙත් වැඩ කරන්නේ නැහැ.

ශනුද්‍රි කියන ගායිකාව කෝ?

මං ගීත කිහිපයක්‌ම කරලා තියෙනවා. අලූතින් තවත් ගීතයක්‌ නිර්මාණය කළා මනුරංග අයියත් එක්‌ක. ඒකත් ඉස්‌සරහට රිලීස්‌ කරන්න ඕන. රිලීස්‌ කරන්න කිට්‌ටු වුණාම විස්‌තර කියන්නම්.

සමල්කා ට ජනප්‍රිය නිළිය සම්මානය හිමිවෙයි කියලා හිතුවද?

මං එහෙම හිතුවේ නැහැ. ඇත්තටම අපි දෙන්නට වඩා තව ජනප්‍රිය අය හිටියා එතන. සම්මාන මට හම්බවෙයි කියලා බලාපොරොත්තු තියාගෙන ඉන්න කෙනෙක්‌ නෙවෙයි මං. හම්බුණොත් ගන්නවා. වෙන කෙනෙකුට ලැබුණා කියලා එහෙම ඉරිසියා කරන්නෙත් නැහැ. ඒ වගේ දේවල් ගැන මං වැඩිය හිතන කෙනෙක්‌ නෙමෙයි.

එතකොට අධ්‍යාපන කටයුතු?

මාකටින්ග්වලට සම්බන්ධව උපාධිය හදාරමින් ඉන්නවා මම. මේ දෙවැනි අවුරුද්ද.

වෙන රටක පදිංචියකට යන්න එහෙම අදහසක්‌ තියෙනවද?

කියන්න බෑ. මං හුඟක්‌ ආසයි එහෙම කරන්න. වෙන රටකට යන්න ආසයි. ඉස්‌සරහට බලමු.

ඔක්‌කොම ඉස්‌සරහට බලමු කියන්නේ ඇයි?

මං එහෙම ලොකුවට දේවල් ප්ලෑන් කරන කෙනෙක්‌ නෙමෙයි. එන විදිහකට ජීවිතේට මූණ දෙනවා.

සමල්කායි ශනුද්‍රියි එක වගේද?

ඔව්... ගොඩක්‌ දුරට අපි දෙන්නා සමානයි.

අක්‌කලා නංගිලා තුන්දෙනාගෙන් කවුද වැඩිපුර ජනප්‍රිය?

ලොකු අක්‌කා දිනක්‌ෂි තමයි වැඩිපුරම ජනප්‍රිය. එයාව පහු කරන්න නං මට බැරි වෙයි. එයා ගොඩක්‌ම මිනිස්‌සු අතරට ගිය කෙනෙක්‌. අනික අක්‌කව පරද්දන්න උවමනාවක්‌ නැහැ මට.

කවුද ඔය තුන්දෙනාගෙන් වැඩිපුර ලස්‌සන?

මට එහෙම කියන්න තේරෙන්නේ නැහැ අනේ. තුන් දෙනාගේ මූනුවර තුන් විදියක්‌. මට හිතෙන්නේ තුන් දෙනාම ලස්‌සනයි.

අම්මගෙන් තාත්තාගෙන් කව්ද ගෙදරදි වැඩිපුරම බැණුම් අහන්නේ?

තුන් දෙනාම බැණුම් අහනවා.

රණ්‌ඩු කරද්දි කව්ද තුන් දෙනාගෙන් වැඩිපුර නපුරු?

ඒක රණ්‌ඩුවේ හැටියට, රණ්‌ඩු වෙන්නේ මොකක්‌ නිසාද කියන කාරණා එක්‌ක වෙනස්‌ වෙනවා. ඒත් ඉතිං නපුරු නෑ. ඒ වෙලාවට විතරයි.

තාත්තා වගේ චිත්‍රපට අධ්‍යක්‌ෂණයට නිෂ්පාදනයට යොමු වෙන්න අදහසක්‌ නැද්ද?

ලොකු අක්‌කට තමයි ඒ දේවල් පුළුවන්. එයා තමයි ඒවාට ආස. ඒ වගේම තාත්ති පිටිපස්‌සෙන් ඉඳන් ඒ වැඩවලට හවුල් වෙන්නේ ලොකු අක්‌කා. මට නං ඒ වැඩ බැහැ.

වැඩිපුර කැමති විලාසිතාව?

මං හැම විදිහටම අඳිනවා. නමුත් සාරි අඳින්න මං හුඟක්‌ ආසයි.

පාවිච්චි කරන වාහනය මොකක්‌ද?

මට වාහනයක්‌ නෑ ගෙදර වාහනය මිසක්‌. ඒ මදිවට මට ලයිසනුත් නැහැ. ඒක ගන්න වෙලාවකුත් නැහැ. ලයිසන් නැති නිසා ගෙදර වාහනේ පදින්න දෙන්නෙත් නැහැ.

ඇඳුම් සකස්‌ කරලා දෙන්නේ කව්ද?

අම්මි. මං ආස කරන ඇඳුම් හදලා මහලා දෙන්නේ අම්මි. ඇත්තටම මං ෂොපින්ග් කරන්න යන්නේවත් නැති තරං.

අම්මිගෙන් මහන්න එහෙම ඉගෙන ගන්නේ නැද්ද?

අම්මි නං නිතරම කියනවා ඉගෙනගන්න කියලා. ඒත් මට මහන්න බැහැ. ලොකු අක්‌කට තමයි ඒ වැඩ පුළුවන්.

බෝයි ෆේ‍රන්ඩ්ගේ නම මොකක්‌ද?

අනේ තාම බෝයි ෆේ‍රන්ඩ් කෙනෙක්‌ නැහැ. විවාහය ගැන හිතලවත් නැහැ මං. හැබැයි මනාලියක්‌ වෙන දවසට අඳින්නයි කැමති නං සාරිය.

විවාහ වෙන කෙනා කලා ක්‌ෂේත්‍රයේ කෙනෙක්‌ උනොත්?

මං කැමති නෑ. අහලා දැකලා තියෙන දේවල් අනුව ක්‌ෂේත්‍රයේ කෙනෙකුට මං කැමතිවෙයි කියලා මට හිතෙන් නෑ.

රවීන් ඔබේ පෙම්වතා කියලා සමහරු හිතන් ඉන්නවා?

එයා ඉතිං නාට්‍යයේ පෙම්වතා. සමහරු මගෙනුත් අහනවා ඒ ගැන. එහෙම නෑ අනේ. අපි කව්රුත් සෙට්‌ එකේ හම්බෙන ටික විතරයි. කව්රුත් එහෙම අපි කතා බහ කරන්නේ නැහැ වැඩිය. හැබැයි යාළුවෝ හැමෝම.



දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »