දිනිති පෙම්වතියක්‌
May 18, 2017 09.41am

ලාරා පස්‌සෙන් ගියාට වැඩක්‌ නැතිලු

සීමාව ඉක්‌මවා යන්නේ නැහැ

දිනිති සෙව්වන්දි වල්ගමගේ
ගම - ගාල්ල
උපන්දිනය - ඔක්‌තෝබර් 30
ඉගෙන ගත් පාසල - සංඝමිත්තා බාලිකා විද්‍යාලය
පවුලේ විස්‌තර - අම්මයි, තාත්තයි, අයියලා දෙන්නයි
වෘත්තිය - ගුවන්සේවිකා

ගුවන් සේවිකාවක්‌ වුණ දිනිති රඟපෑමට ආවේ ඇයි ?

පුංචි කාලේ ඉඳන් මට රඟපෑමට ආසාවක්‌ වගේම හැකියාවත් තිබුණා. ඉතිං අවස්‌ථාවක්‌ ලැබුණා. ඒක භාරගත්තා

හාර කෝටියට සම්බන්ධවෙන්න ලැබුණේ ?

මගේ අයියාගේ මිතුරෙකුගේ මාර්ගයෙන් ස්‌වර්ණවාහිනී ආයතනයේ චාමර අයියාව හමුවුණා. ඔහුගේ මාර්¨ගයෙන් තමයි මේ අවස්‌ථාව ලැබුණෙ.

දිනිති බොහොම පුංචි කාලේ රඟපෑමට ආවා කියලත් ආරංචියි ?

ඔව්. අක්‍ෂරය තමයි මගේ මුල්ම චිත්‍රපටය.

අක්‍ෂරය චිත්‍රපටයේ රඟපෑවාට ගෙදරින් බැණුම් ඇහැව්වේ නැතිද?

නැහැ. මම පුංචි දරුවෙකුගේ චරිතයක්‌ තමයි කළේ. ඒ හින්දා ප්‍රශ්නයක්‌ වුණේ නැහැ. ගෙදරින් විරුදAධත්වයක්‌ ඇතිවුණේ.

ඊට පසුව මොකද වුණේ ?

අධ්‍යාපන කටයුතු හින්දා මම ඒ වෙනුවෙන් තමයි මූලිකත්වය දුන්නේ. ඊට පසුව උසස්‌ අධ්‍යාපනයට බැංගලෝර් බලා පිටත්වුණා.

හාර කෝටියේ අභිෂේකාට ලැබෙන ප්‍රතිචාර ?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පොඩි දරුවෝ ගොඩක්‌ දෙනෙක්‌ මට ආදරෙයි.

ලාරාට අභිෂේකාව ලැබෙයිද?

ලාරා තමයි අභිෂේකා පස්‌සේ යන්නේ. ඒ ගැන ඉදිරියේදී බලමු.

දිනිතිට හදිසියේවත් සාරංගගෙන් සැබෑවටම ආදර යෝජනාවක්‌ ආවොත් ?

මට පෙම්වතෙක්‌ ඉන්නවා.

ඒ කියන්නේ දිනිති පෙම්වතියක්‌ ?

ඔව්. මම පෙම්වතියක්‌.

පෙම්වතාගේ විස්‌තර ?

ඒක දැනගන්න ඕනෑ කාලයට දැනගන්න ලැබේවි.

රඟපෑමට පෙම්වතාගෙන් විරුද්ධත්වයක්‌ නැතිද?

ඔහුගෙන් මට උදව් මිසක්‌ විරුද්ධත්වයක්‌ නැහැ.

දිනිති නිළියක්‌ වීම පෙම්වතාට ප්‍රශ්නයක්‌ නෙමෙයි ?

නැහැ. එහෙම ප්‍රශ්නයක්‌ නෙමෙයි. එයා දන්නවා මම සීමාවන් ඉක්‌මවා වැඩකරන්නේ නැහැ කියලා.

ගුවන් සේවිකාවක්‌ වුණ දිනිති රඟපෑම ගැන මොකද හිතන්නේ ?

හොඳයි. මම රඟපෑමට වගේම මගේ රැකියාවටත් ආසයි. ඒ හින්දා ඒ දෙකම කැමැත්තෙන් කරන්නේ.

ගුවන් සේවිකාවගේ වෘත්තියෙන් ඈත්වෙලා වෘත්තීය නිළියක්‌ වෙන්න අදහසක්‌ නැතිද?

මම වෘත්තීය නිළියක්‌ වෙන්න කොහෙත්ම කැමැති නැහැ.

ඇයි ඒ ?

මම කැමැති නැහැ. මිනිස්‌සු කැමැති දේවල් වගේම අකමැති දේවලුත් තියෙනවානේ. මෙයා නිළියක්‌ කියනවාට මම කැමැති නැහැ.

එහෙනම් ඇයි රඟපෑමට ආවේ ?

ඒක මගේ රස්‌සාවට අදාළ නැහැනේ. මගේ හැකියාවනේ. රඟපෑම මගේ රැකියාව නෙමෙයි.

අභිෂේකා හින්දා ආරාධනා එමටයිලු නේද?

ගොඩක්‌ ආරාධනා ලැබෙනවා. වැඩිපුර ආරාධනා ලැබුණේ සිනමා නිර්මාණවලට. නමුත් මට රැකියාව හින්දා කරන්න වෙලාවක්‌ නැහැ. මොකද මගේ නිවාඩු දිනයත් ඔක්‌කොම හාරකෝටියට දීලයි තියෙන්නේ.

අභිෂේකා හින්දා එන ආරාධනාවලට ඇයි මේ පයින් ගහන්නේ ?

ඉතිං මට වෙලාවක්‌ නැහැනේ. එක මගේ පවුල. දෙක මගේ රස්‌සාව. ඊළඟට තමයි මම රංගනයට වෙලාව වෙන් කරන්නේ.

රස්‌සාවෙන් ඉවත්වෙලා රඟපෑමට කැපවුණා නම් මීට වැඩිය ජනප්‍රිය වෙතහැකිsනේ ?

මට එහෙම වෙන්න වුවමනා නැහැ.

ජනප්‍රියත්වයට කැමැති නැතිද?

නැහැ. මම කැමැති නැහැ.


(දිවයින පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60