අමීෂා කාවින්දි Kidnap කරයි

Jan 29, 2017 09.34am
feature-top
පහුගිය දවස්‌වල ක්‌ෂේත්‍රය පුරාම කතාවක්‌ පැතිර ගියා ජනප්‍රිය නිළිs අමීෂා කාවින්දි Kidnap කරනවා කියලා. එක එක්‌කෙනා කිව්වේ එක එක කතා. අමීෂාත් කිසි සද්දයක්‌ නෑ. ඇත්තටම මොකක්‌ද සිද්ධ වෙලා තියෙන්නේ? මොනවද සිද්ධ වෙන්න යන්නේ? මේ දේවල් පිළිබඳව ඇත්ත කතාව දැනගන්න ඇය තරම් සුදුසු කෙනෙක්‌ තවත් නැහැ.

ඇත්තටම අමීෂා මොකද වුණේ?

මොකුත් නැහැ.... මං මේ ඉන්නේ

එතකොට මේ Kidnap කළා කියන කතාව?

කතාව ඇත්ත... ආරංචිය නිවැරදියි.

හරි හතර බීරි කතාවක්‌නේ ඔයා කියන්නේ? මොකුත් වුණෙත් නැහැලු

..... කතාවත් ඇත්තලු

Kidnap කළා නෙමෙයි කරමින් ඉන්නවා කියලා විතරක්‌ ඔය කතාව නිවැරදි වෙන්න ඕන.

ඒත් කවුද මේකට සම්බන්ධ?

Rජුවම මම සම්බන්ධයි. මොකද මේ තමයි මම නිෂ්පාදනය කරන පළමු චිත්‍රපටය. චිත්‍රපටයේ නම Kidnap. shooting පටන් අරං දැන් දවස්‌ 25 ක්‌ වෙනවා. සුරංග ද අල්විස්‌ තමයි මේ film එක අධ්‍යක්‌ෂණය කරන්නේ.

කවුද ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ?

මම.

අමීෂා නිෂ්පාදනය කරන නිසා ප්‍රධාන චරිතයත් අමීෂා කාවින්දිම නිරූපණය කළ යුතුයි කියලා ඔබ කිව්වද?

අනේ නැහැ... ඇත්තටම සුරංග නසාබ්ච shooting එකත් අරගෙන මාව හොයාගෙන ආවේ මේ film එකේ ප්‍රධාන චරිතයට ආරාධනා කරන්න. පිටපත හොඳ ලස්‌සන එකක්‌ නිසා මං film එක භාර ගත්තා. ඊටත් පස්‌සේ තමයි සුරංග මගෙන් ඇහුවේ නිෂ්පාදන කටයුතුවලට සම්බන්ධ වෙන්න පුළුවන්ද කියලා. ලස්‌සන කතාවක්‌ නිසා මං ඒ වැඩෙත් භාරගත්තා. ප්‍රධාන චරිතය ලැබුණට පස්‌සේ නිෂ්පාදනයට දායක වුණා මිසක්‌ නිෂ්පාදනය නිසා ප්‍රධාන චරිතය ලැබුණා නෙමෙයි.

මොනවගේ කතා තේමාවක්‌ රැගත් චිත්‍රපටයක්‌ ද මේ?

දරුවෙක්‌ පැහැර ගැනීමක්‌ පිළිබඳ කතාවක්‌ මේක. මගේ චරිතය නිසංසලා. දරුවාව හොයාගැනීම තමයි නිසංසලාගේ අරමුණ. ඇගේ සැමියාගේ සහායවත් අන්තිමට ඇයට නොලැබී යනවා. ඇයව අන් අය හඳුනාගෙන තියෙන්නේ මානසික ව්‍යාකූල බවක්‌ තියෙන කෙනෙක්‌ විදිහට. අනික ඇත්තටම වටපිටාවේ අයත් ඇයගේ දරුවකු පිළිබඳ නොදැනයි ඉඳලා තියෙන්නේ. ඉතිං ලස්‌සන කතාවක්‌. ඉක්‌මනට බලන්න පුළුවන් වේවි.

මේ දවස්‌වල වෙන ආරාධනා ලැබුණේ නැද්ද?

ලැබුණා. තව film එකක shooting අප්‍රේල් මාසේ විතර පටන් ගන්න නියමිතව තියෙනවා. සඳමලී ටෙලි නාට්‍යයේ කොටස්‌ 25ක්‌ විතර මේ වෙද්දී ඉවර කරලා තියෙනවා. කුසල් කියන ළමා චිත්‍රපටයත්, කුණාටුවේ මාරයා, ආශාවේ මායා වගේ චිත්‍රපට කිහිපයක්‌ම තිරගත වෙන්න තියෙනවා.

රියලිටි වැඩසටහන්වලට අමීෂා සම්බන්ධ වෙන්නේ නැද්ද?

ඇත්තටම මටත් ආරධනා ලැබුණා. නමුත් පහුගිය දවස්‌ ටිකේ මං ටිකක්‌ අසනීපෙන් හිටියේ. අනිත් කාරණාව මං භාර අරන් තියෙන වැඩ ටිකත් එක්‌ක දින ප්‍රශ්නයක්‌ තිබුණා. මොකද රියෑලිටි වැඩසටහනට ඔවුන් ඉල්ලුවේ අප්‍රේල් වෙනකන් දින. ඒකත් මට ගැටලුවක්‌ වුණා.

ඒ කියන්නේ එහෙම නොවුණා නං භාර ගන්නවද?

ම්.......... එහෙමමත් කියන්නත් බෑ. මොකද මං පෞද්ගලිකව කැමතියි වේදිකාවේ නර්තනයන් කරලා මගේ දක්‌ෂතා පෙන්නනවට වැඩිය නිර්මාණයකට දායකවෙලා මගේ දක්‌ෂතා පෙන්නන්න. අනික දැන් දැන් ක්‌ෂේත්‍රයේ යාළුවො ඒ ගැන කතාවෙන දේවල් ඇහුවම හිතෙනවා මං කලින්ම ගත්ත තීරණය හරි කියලා. මොකද දැන් එයාලටත් වැඩත් එක්‌ක දින ප්‍රශ්න එහෙම ඇවිල්ලා. ඒ නිසා මට හිතෙනවා මං ඉදිරියටත් ඒ ආරාධනාව නං භාරගන්න එකක්‌ නෑ කියලා.

පහුගිය කාලයේ ඔබ මෙගා ටෙලි නාට්‍යවල දක්‌නට ලැබුණා. දැන් නැහැ නේද? ඇයි මෙගා එපා වුණාද?

ඔව්... ටෙලි නාට්‍ය තුන හතරයි කළේ. ඒ ඔක්‌කොම වගේ මෙගා. ඉතිං කොටස්‌ දෙතුන් සීය කරන්න ගියාම එපා වෙනවා. අනික කතාව පටන් ගන්න විදිහට නෙමෙයි. ඉතිං මං හිතුවා ආයේ මෙගා නාට්‍යවලට දායක වෙන්නේ නැහැ කියලා. මං භාරගත්ත සඳමලි නාට්‍ය වැඩිම වුණොත් කොටස්‌ 75 යි.

වෘත්තීය රංගන ශිල්පිනියක්‌ විදිහට ඒක ඔබට ගැටලුවක්‌ නෙමෙයිද?

සල්ලි ඕන තමයි. ඒත් ජීවිතේම සල්ලි නෙමෙයිනේ නේද? ආත්ම තෘප්තියක්‌ නැතුව කරලා වැඩක්‌ නැහැනේ.

ඔබ රඟපෑ චිත්‍රපට නවයයි. නවයේම ඔබේ සැමියා අර්ජුන් ඉන්නවා. ඔහු ප්‍රධාන චරිතයට ඉන්නවා නං පමණ ද ඔබ නිර්මාණ භාර ගන්නේ?

එහෙම එකක්‌ නැහැ. මං කවදාවත් එහෙම තීරණයක නැහැ. නමුත් ඔහුට ප්‍රධාන චරිතයට ආරාධනා ලැබෙන චිත්‍රපටවලට මටත් ආරධනා ලැබුණා. එහෙම නැතුව ඔහු කවදාවත් ඔහු ඉන්න චිත්‍රපටයකට මාව ගන්න කියල කියලා නැහැ. ඒ වගේම මං කවදාවත් මං ඉන්න චිත්‍රපටයකට ඔහුව ගන්න කියලා යෝජනා කරලත් නැහැ.

කොහොම ද studio එකේ වැඩ?

studio එකට අමතරව දැන්මම වෙන ව්‍යාපාරයක්‌ පටන් ගන්න ඇත්තටම දැන්මම අදහසක්‌ නැහැ. මමත්, අර්ජුනත්, ඩිලාන් ගුණවර්ධනත් එකතුවෙලා තමයි කඩවත තියෙන කුල්නෙත් ස්‌ටුඩියෝ එකේ වැඩ කරගෙන යන්නේ. ඉන්දියාවේ යන්නේ නැතුව හොඳ චිත්‍රපටයක හැමදේම කරගන්න පුළුවන්කම තියෙනවා මෙහිදී. අපේ චිත්‍රපටවල වගේම වෙනත් අධ්‍යක්‌ෂවරුන්ගේ චිත්‍රපටවල වැඩත්, weddings කරනවා. මේක තමයි දැනට අපේ ව්‍යාපාරය.

පහුගිය කාලයේ ඔබේ විවාහය සිද්ධ වුණත් ඒ ගැන වැඩි කතා බහක්‌ නැහැ.....

wedding එක ගන්න අවුරුදු ගාණකට කලින් ඉඳන් අපි එකට ජීවත් වුණා. ඉතිං ඒක නිසා විවාහය කියන කාරණාව ගෙදර අයගේ පමණක්‌ සහභාගිත්වයෙන් සිද්ධ කළා. අනික්‌ අතට ඒ වෙනුවෙන් ලොකු මුදලක්‌ වියදම් කළා නම් මට අද චිත්‍රපටයක්‌ නිෂ්පාදනය කරනවා කියන එක ටිකක්‌ අමාරු වෙන්න තිබුණා. ඉදිරියට චිත්‍රපට කරන එක ගැනත් හිතලා, ගෙයක්‌ හදන එක ගැනත් හිතලා, අපේ කැමැත්තත් හිතලා ඒ කටයුතු වැඩි සද්දයක්‌ නැතුව සිදු කළා. අනුග්‍රාහකයන් වුණත් කතා කරලා මෙහෙම කරමු මෙහෙම කරමු කියලා කිව්වා. නමුත් අපි දෙන්නගේ කැමැත්ත වුණේ චාම් ව්දිහට ඒ කටයුතු කරන්න. අනික ඉතිං අපි එකට ජීවත් වුණා සහ විවාහ වෙන්න ඉන්නේ කියලා හැමෝම දන්නවා, ආයේ අමුතුවෙන් කියන්න දෙයක්‌ තිබුණේ නැහැ. ඉතිං එතකොට ලොකු උත්සව අරගෙන හැමෝටම කියලා කරන්න හේතුවක්‌ වුණේ නැහැ.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »