රජිතට මොබයිල් නොදෙන හේතුව

Jan 28, 2017 09.42am
feature-top
මේ දවස්වල දර්ශනතල වල දී හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි හදිස්සියකටවත් රජිතට මොබයිල් එකක් බලා ගන්න නොදීම. සාමාන්‍යයෙන් රජිත විහිළු කරන්න හරි හපනා. ඒ ඔහු ප්‍රහසන චරිත රඟපාන නිසාම ද දන්නෙ නැහැ. රජිතට අනෙකුත් සහෝදර ශිල්පීන් ‘සෙල්ෆෝන් නොදී සිටීමට හේතුව මොකක්ද කියලා අපි රජිතගෙන්ම අහන්න කටයුතු කළා.‘දැන් අපේ ෆීල්ඩ් එකේ යන අලුත්ම ගොසිප් එක තමයි මට ෆෝන් බලාගන්න දෙන්න එපා කියන එක. මොකද සමහර මිතුරන් ඔවුන්ගේ ෆෝන් එක මගේ අතට දුන්නම ආපහු ගන්නත් අමතක කරනවා. ඒ නිසා මම ඒවා හොඳට බලා ගන්නවා. සමහර වෙලාවට ඒ අය පාස්වර්ඩ් එකක් දාලා තිබ්බත් මට එය ඇරගන්න යන්නේ සුළු මොහොතයි. ඉන් පස්සේ මම මගේ මිතුරාගේ ෆේස් බුක් එකවුන්ට් එකට ගිහින් එයා ගේ මිතුරන්ට විවිධ කමෙන්ට්ස් දානවා. පස්සේ ඒ අය රිප්ලයි කරන කොට මගේ මිතුරා අන්ද මන්ද වෙනවා. ඒ හින්ද දැන් මට මොබයිල් නම් බලා ගන්න දෙන්න එපා කියල තමයි ආරංචිය යන්නේ‘

සිළුමිණ පුවත්පත ඇසුරෙනි

More News »