වර්තමාන කලාකරුවා පිමි රාශියක් පැනලා

Jan 27, 2017 09.32am
feature-top
ගමෙහි අව්‍යාජත්වය, සුන්දරත්වය තුළ හැදීවැඩුණු ඔහු එය නිර්මාණාත්මක පද වැලක්ද තනුවක් බවට පත් කළේය. කථිකාචාරවරයෙකු ලෙසද කලක් කටයුතු කළ ඔහු රෝහණ බැද්දගේය. ඔහු වර්තමාන කලාව පිළිබඳව දරන්නේ මෙවැනි මතයකි.

“ඒ කාලේ කලාකරුවගෙ පසුබිමයි, මේ කාලෙ කලාකරුවගෙ පසුබිමයි බලනකොට අහසට පොළොව වගේ. වර්තමාන කාලෙට එද්දි පිමි රාශියක් පැනලා ඉදිරියට ගිහින්. ඒ කාලේ සම්බන්ධතා අඩුයි. තාක්ෂණික දියුණුවක් නැහැ. සීමිත පහසුකම් තිබුණෙ. අපිට මේ කාලාන්තරයක වෙනස පේනවා. අපේ කාලේ හරි සුන්දරයි. අපි කොහොමද වැඩකට කාලය බෙදාගන්නේ කියලා හිතන්න ඕන. අපිට කාලයත් එක්ක තදබදයක් තිබ්බෙ නෑ. කාලෙ හදාගත්තා. පයින් ගියත් නිසිවෙලාවට යන්න ඕන තැනට අපි ගියා.

සංගීතය ඉගෙන ගත්තෙ ගමේ මිනිස්සු ගොයන් කපන කවි අහලා. දොවොල් මඩුවට සම්බන්ධ වුණා. වාහස් නැටුවා. අපිට ඒක ඇඟට දැනෙනවා. මානවයගෙ මූලාරම්භයේ සංගීතය තමයි ඒක. එදා මිනිස්සු කිව්වෙ කලාකරුවා හිඟන්නා කියලා. ඇත්ත කතාව තමයි, කලාව කළේ සමාජයට සේවය කරන ගමන්, තමන්ගෙ විනෝදයට. ඔවුන්ට ලැබෙන්නෙ තෑගි බෝග. එතරම් මුදලක් යැපෙන්න අවශ්‍ය වුණේ නැහැ. ගෙදර වත්තේ පිටියේ හැමදේම තිබ්බා. තොයිල් පෙවිල් කරන අයට, රබන් සෙල්ලම් කරන අයට තමයි ඉස්සර කලාකරුවා කිව්වෙ. ටීටර් සහ ජෝන් ද සිල්වා මහත්තයගෙ නාට්‍යවලට ඇබ්බැහි වුණා. ඉස්කෝලෙදිත් අපිට ඒවා උගන්වනවා.”


ලංකාදීප පුවත්පත ඇසුරෙනි

More News »