අම්මාගේ අපූරු ලියමන

Jan 25, 2017 09.47am
feature-top
අනූෂා දමයන්ති කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂතම නර්තන හා රංගන ශිල්පිනියක්. ඇය මේ දවසවල දෙරණ ස්ටාර් සිටි හි අපූරු නිර්මාණයන් හි නියැලෙනවා. ඒත් මේ කතාව නම් අනූෂා ගැන නෙමෙයි අනූෂා ආරක්ෂා කරගන්න අනූෂාගේ මව කරපු අපූරු සැලැසුමක් ගැනයි.

සාමාන්‍යයෙන් අනූෂා නිර්මාණවලට දායක වන විට ඇයත් සමඟ සෙවණැල්ල වගේ යන්නේ ඇගේ මවයි. ඇය එසේ අනූෂා සමඟ නොගියොත් ඒ බොහොම කලාතුරකින්. නිතරම අනූෂා සමඟ ඇගේ ආදරණීය මවත් එන එක ගැන අපේ යොවුන් නළුවන් දෙදෙනෙක් දිනක් මවගෙන් මෙහෙම අහලා. ‘ඇයි ආන්ටි හැමදාම අනූෂාගේ තනියට ඒන්නේ? අපි ගැන සැකයිද?

‘අනේ පුතේ! මට ඔයාල ගැන කිසිම සැකයක් නැහැ. අම්මා පිළිතුරු දීලා.‘එහෙනම් ආන්ටිට අනූෂා ගැන සැකද? තරුණ නළුවන් දෙදෙනා අහලා.

අනේ මගේ දුව රත්තරං. එයා ගැන මට මොන සැකයක්වත් නැහැ. දන්නැද්ද පුතේ ඉතින් අනූෂා තනිවම එවන්න බැහැනේ!. මව ෂේප් එකේ පිළිතුරු දීලා. කොහොමින්හරි නිර්මාණ කටයුත්තකට හදිස්සියේම ඩුබායි යන්න අනූෂට සිදුවෙලා. අනූෂාගේ මවට ඒ ගමනට එක්වෙන්න නොහැකි වෙලා.

අපේ මේ තරුණ නළුවන් දෙදෙනාත් දැන් මේ ගමනට එක්වෙලා. එක් තරුණ නළුවෙක් අත අම්මා හදිස්සියේම ලියමනක් තියලා. පුතේ කාටවත් පෙන්නන්න එපා පුතා නිදහසේ මේක කියවලා බලන්න. අපේ තරුණ නළුවාත් කාටවත් නොපෙනෙන ලෙස මේ ලියුම දිග හැර බලලා.

ඒ ලියුමේ තිබුණේ, අනේ පුතේ මට ඔයා විතරයි විශ්වාස. අනූෂව හොඳට බලා ගන්න. කියලයි. ඉතින් මේ නළුවත් බොහොම හොඳට සතුටින් ඉඳලා. ටික වෙලාවකින් අනෙක් නළුවත් බොහොම සතුටින් එනවාලු. බලන්නකෝ අනූෂගේ අම්මාට මාව විතරයි මෙතනින් විශ්වාස. මට අනූෂව බලාගන්න කියලා ලියුමක් දුන්නනේ කියලා අනෙක් නළුවට ලියුම පෙන්නලා. ‘ආ උඹටත් දුන්නද?

මටත් ඒ වගේම එකක් දුන්නනේ? අනෙක් නළුවාත් තමාට අම්මා දුන් ලියුම පෙන්වමින් කිව්වලු. දෙන්නටම එකම ලියුමේ ෆොටෝකොපි දෙකක් තමයි අම්මා දී තිබෙන්නේ. නම විතරයි වෙනස්. එකම කරුණු තමයි ඇතුළත්. අනූෂව ආරක්ෂා කර ගන්න අම්මා දුන්න ලියුම ගැන තවමත් මේ නළුවන් දෙදෙනා කතා වෙනවා.

දිනමිණ පුවත්පත ඇසුරෙනි

More News »