දුෂේනිට චිත්‍රපටයක් රඟපාන්න ලැබිලා
Jan 11, 2017 09.19am

'ආදරය ගින්දරක්' ටෙලි නාට්‍ය හරහා රංගනයට පිවිසි දුෂේනි මිහිරංගි මේ දිනවල අලුත් ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් දායක වෙනවා. ඒ ඉරේෂ් ලොකුබණ්ඩාර විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ 'නිසල සඳ ඔබ' ටෙලි නාට්‍යයයි. මේ වසරේ නව බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන සිටින දුෂේනි 'සාරවිට' අපිට ඒ පිළිබඳව මෙසේ අදහස් පවසා සිටියා.

"ආරම්භ වූ 2017 වසර කියන්නේ කලාව පැත්තෙන් මට වැඩ ගොඩක් කරන්න තියෙන අවුරුද්දක්. ජනවාරි 20 වැනිදා සිට හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන 'නිසල සඳ ඔබ' මේ අවුරුද්දේ මම මගේ ආදරණීය රසික, රසිකාවියන් මුණ ගැසෙන පළමු ටෙලි නාට්‍යය. ඊට අමතරව මට අලුත් චිත්‍රපටයක රඟපාන්නත් ආරාධනා ලැබිලා තියෙනවා. බොහෝ දුරට ඒ නිර්මාණය හරහාත් මේ අවුරුද්දේ මාව දකින්න පුළුවන් වේවි. 'නිසල සඳ ඔබ' ටෙලි නාට්‍යයට අමතරව තවත් ටෙලි නිර්මාණ කිහිපයකටම මේ අවුරුද්දේ මම සම්බන්ධ වෙනවා. ඒ සියලු කලා නිර්මාණ ගැන ඉදිරියේදී කියන්නම්."


(දිවයින පුවත්පත ඇසුරෙනි)