ස්වර්ණා මල්ලවාරච්චි උපහාර සිනමා උලෙළක්
Jan 06, 2017 10.04am

මෙම වසරේ ස්වර්ණා මල්ලවාරච්චි උපහාර සිනමා උලෙළක් පැවැත්වීමට කටයුතු සූදානම් කරන බව පැවසේ. ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක පැවැසුවේ මෙවැන්නකි.

ස්වර්ණා මල්ලවාරච්චි රංගන දිවියට වසර පනහක් පිරීම නිමිත්තෙන් 2017 වසරේ ජනවාරි 22-26 දක්වා ඇය රඟපෑ චිත්‍රපට සමග සිනමා උලෙළක් ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍ර‘යේ "තරංගනී" සිනමා ශාලාවේදී පැවැත්වීමට මේ දිනවල කටයුතු සම්පාදනය කරමින් ඉන්නේ. එම උලෙළේ අවසන් දිනය වන ජනවාරි 26 වැනිදා ඇයට උපහාර පිදීමේ උලෙළෙකුත් පවත්වනවා. ඇය රඟපාන "භවදුක", "භවකර්ම", "සත්සමුදුර", "චන්දකින්නරී", "අනන්ත රාත්‍රිය", "දඩයම", "කැඩපතක ඡායා", "හංසවිලක්", "සාගර ජලය මදි හැඬුවා", "සුද්දිලාගේ කතාව" යන චිත්‍රපට උලෙළේදී ප්‍රදර්ශනය වෙනවා. මෙම උලෙළ සාර්ථක කරගැනීමට මූල්‍යමය දායකත්වය ලබාදිය හැකි අනුග්‍රාහකයන් අපිට අවශ්‍යවෙලා තියෙනවා.



(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Ads here
340 x 60
Rs. 10000/-