sport News
ඉන්දියාවෙන් යලි සුපිරි දස්කම්.
සංචාරක නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර, බැංගලෝර් හීදී පැවති එක්දින කි‍්‍රකට් තරගය කඩුළු 5 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (07) සමත් වුණා. කාසියේ වාසිය දිනා නවසීලන්ත කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කි‍්‍රකට් නායකයා ආරාධනා කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේදී, කඩුළු 7 ක් දැවී ලකුණු 315 ක් ලබා ගත්තා. ජේම්ස් ෆ්රෑන්ක්ලින් නොදැවී ලකුණු 98 යි. යූසුෆ් පතාන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කඩුළු 3 ක් දවා ගත්තා. ලකුණු 316 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 5 ක් තුළ ජයග‍්‍රහණය හිමිකර ගනු ලැබුවේ ලකුණු 321 ක් ලබා ගනිමින්. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුසුෆ් පතාන් නොදැවී ලකුණු 123 යි. තරගයේ වීරයා සම්මානය හිමිවූයේද, යූසුෆ් පතාන්ටයි. තරග 5 කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා එක්දින තරගාවලිය 4 ට 0 ක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්.
2014-07-30 05:38:00
Views 18
ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පළමු පුහුණු තරගය ලකුණු 119 කින් ජය ගනී.
ඕස්ටේ‍්‍රලියානු සංචාරයක නිරත ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට එරට ක්වින්ස්ලන්ඞ් කණ්ඩායම සමග බි‍්‍රස්්බෙන්හිදී අද (22) සහභාගී වුණා. කාසිය වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශි‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලූ 7 ක් දැවී ලකුණු 301 ක් රැස් කළා. කුමාර සංගක්කාර ලකුණු 110 යි. චාමර සිල්වා ලකුණු 75 යි. පිළිතුරු වශයෙන් ක්වින්ස්ලන්ඞ් කණ්ඩායමක් පන්දුවාර 36 යි පන්දු 1 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි. ඒ අනුව ශි‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 119 කින් මෙම තරගය ජයග‍්‍රහණය කළා. පන්දු යැවීමේදී දිල්හාර ප‍්‍රනාන්දු ක්වින්ස්ලන්ඞ් කණ්ඩායමේ කඩුලූ 4 ක් බිඳ හෙලූ අතර, ධම්මික ප‍්‍රසාද් කඩුලූ 3 ක් බිඳ හෙලූවා. අජන්ත මෙන්ඩිස් කඩුලූ 2යි.
2014-07-30 05:38:00
Views 18

Ads here
340 x 60