sport News
ඉන්දියාවෙන් යලි සුපිරි දස්කම්.
සංචාරක නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර, බැංගලෝර් හීදී පැවති එක්දින කි‍්‍රකට් තරගය කඩුළු 5 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (07) සමත් වුණා. කාසියේ වාසිය දිනා නවසීලන්ත කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කි‍්‍රකට් නායකයා ආරාධනා කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේදී, කඩුළු 7 ක් දැවී ලකුණු 315 ක් ලබා ගත්තා. ජේම්ස් ෆ්රෑන්ක්ලින් නොදැවී ලකුණු 98 යි. යූසුෆ් පතාන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කඩුළු 3 ක් දවා ගත්තා. ලකුණු 316 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 5 ක් තුළ ජයග‍්‍රහණය හිමිකර ගනු ලැබුවේ ලකුණු 321 ක් ලබා ගනිමින්. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුසුෆ් පතාන් නොදැවී ලකුණු 123 යි. තරගයේ වීරයා සම්මානය හිමිවූයේද, යූසුෆ් පතාන්ටයි. තරග 5 කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා එක්දින තරගාවලිය 4 ට 0 ක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්.
2014-07-30 05:38:00
Views 18
Ads here
340 x 60
Rs. 10000/-