sport News
ඉන්දියාවෙන් යලි සුපිරි දස්කම්.
සංචාරක නවසීලන්ත කි‍්‍රකට් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර, බැංගලෝර් හීදී පැවති එක්දින කි‍්‍රකට් තරගය කඩුළු 5 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (07) සමත් වුණා. කාසියේ වාසිය දිනා නවසීලන්ත කණ්ඩායමට පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දීය කි‍්‍රකට් නායකයා ආරාධනා කළා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේදී, කඩුළු 7 ක් දැවී ලකුණු 315 ක් ලබා ගත්තා. ජේම්ස් ෆ්රෑන්ක්ලින් නොදැවී ලකුණු 98 යි. යූසුෆ් පතාන් ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් කඩුළු 3 ක් දවා ගත්තා. ලකුණු 316 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 5 ක් තුළ ජයග‍්‍රහණය හිමිකර ගනු ලැබුවේ ලකුණු 321 ක් ලබා ගනිමින්. ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් යුසුෆ් පතාන් නොදැවී ලකුණු 123 යි. තරගයේ වීරයා සම්මානය හිමිවූයේද, යූසුෆ් පතාන්ටයි. තරග 5 කින් සමන්විත නවසීලන්ත - ඉන්දියා එක්දින තරගාවලිය 4 ට 0 ක් ලෙස ඉන්දීය කණ්ඩායම මේ වනවිටත් ජයගෙන අවසන්.
2014-07-30 05:38:00
Views 18
ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම පළමු පුහුණු තරගය ලකුණු 119 කින් ජය ගනී.
ඕස්ටේ‍්‍රලියානු සංචාරයක නිරත ශි‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට එරට ක්වින්ස්ලන්ඞ් කණ්ඩායම සමග බි‍්‍රස්්බෙන්හිදී අද (22) සහභාගී වුණා. කාසිය වාසිය දිනා ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශි‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදි කඩුලූ 7 ක් දැවී ලකුණු 301 ක් රැස් කළා. කුමාර සංගක්කාර ලකුණු 110 යි. චාමර සිල්වා ලකුණු 75 යි. පිළිතුරු වශයෙන් ක්වින්ස්ලන්ඞ් කණ්ඩායමක් පන්දුවාර 36 යි පන්දු 1 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි. ඒ අනුව ශි‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 119 කින් මෙම තරගය ජයග‍්‍රහණය කළා. පන්දු යැවීමේදී දිල්හාර ප‍්‍රනාන්දු ක්වින්ස්ලන්ඞ් කණ්ඩායමේ කඩුලූ 4 ක් බිඳ හෙලූ අතර, ධම්මික ප‍්‍රසාද් කඩුලූ 3 ක් බිඳ හෙලූවා. අජන්ත මෙන්ඩිස් කඩුලූ 2යි.
2014-07-30 05:38:00
Views 18
ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි
සංචාරක ඕස්ටේ‍්‍රලියානු පිල සහ ඉන්දියාව අතර මෝහාලියේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (05) යි. දෙවැනි ඉනිමේ ලකුණු 216ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යන ඉන්දීය පිල ඊයේ (04) දිනය අවසන් වනවිට කඩුලූ 4ක් දැවී ලකුණු 55ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් කඩුලූ 6ක් අතැතිව තවත් ලකුණු 161ක් පිටුපසින් සිටිනවා. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිමේදී ලකුණු 428ක් රැස් කළ අතර, දෙවැනි ඉනිමේ දී ලකුණු 192කට දැවී ගියා. සහීර් ඛාන් සහ ඉෂාන්ට් ෂර්මා කඩුලූ 3 බැගින් බිඳ හෙලූවා. ඉන්දීය දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙමින් සිටින්නේ සචින් තෙන්ඩුල්කාර් සහ සැදෑ පිතිකරු සහීර් ඛාන්.
2014-07-30 05:38:00
Views 18
චැම්පියන් ලීග් තරග තුනක පරාජයකින් පසු වයඹට ජයක්
චැම්පියන් ලීග් පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ වයඹ කණ්ඩායම සහ නවසීලන්ත මධ්‍යම දිස්ති‍්‍රක් කණ්ඩායම අතර දකුණු අපි‍්‍රකාවේ පෝට් එළිසබත්හිදී පැවැති තරගය ලකුණු 74 කින් ජය ගැනීමට වයඹ කණ්ඩායම ඊයේ සමත් වුණා. කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් වයඹ කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලූ 06 දැවී ලකුණු 144 ක් ලබාගත්තා. මහේල ජයවර්ධන ලකුණු 20 යි. මහේල උඩවත්ත ලකුණු 23 ක් සහ නායක ජෙහාන් මුබාරක් ලකුණු 30 ක් ලබාගත්තා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ නවසීලන්ත මධ්‍යම දිස්ති‍්‍රක් කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 3 කදී සියලූ දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 70 ක් පමණයි. තරගයේ වීරයා වයඹ කණ්ඩායමේ ඉසුරු උදානයි. වයඹ කණ්ඩායම චැම්පියන් ලීග් තරගාවලියේ මීට පෙර සහභාගි වු තරග තුනම පරාජයට පත්වුණා.
2014-07-30 05:38:00
Views 18
පාකිස්ථානය එංගලන්තයට පිත්තෙන් පිළිතුරු දෙයි
එංගලන්ත ක‍්‍රීඩකයන් ද තරග පාවාදීම්වලට සම්බන්ධ බවට පාකිස්ථාන කි‍්‍රකට් සම්මේලන ප‍්‍රධානි ඉජාස් බට් සිදුකළ ප‍්‍රකාශයක් හේතුවෙන් එංගලන්ත-පාකිස්ථාන 4 වැනි එක්දින තරගය නතර වීමේ අවදානමක් ඊයේ (20) පැන නැගුණා. පාකිස්ථාන ක‍්‍රිකට් ප‍්‍රධානියාගේ ප‍්‍රකාශයට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවට ද එංගලන්ත ක‍්‍රිකට් පාලක මණ්ඩලය අනතුරු ඇඟවීමක් ද කළා. එහෙත් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් වැරදි ආදර්ශයක් සැපයිය නොහැකි බැවින් පාකිස්ථානය සමඟ ඉතිරි තරග ද එලෙසින්ම පවත්වන බවයි එමගින් කියා සිටියේ. ඔට්ටු තබන්නන්ගෙන් මුදල් ලබාගෙන එංගලන්ත ක‍්‍රීඩකයන් 3 වැනි එක්දින තරගයේදී පාකිස්ථානයට පරාජය වූ බවටයි ඉජාස් බට් චෝදනා කළේ.

2014-07-30 05:38:00
Views 18
Ads here
340 x 60
Rs. 10000/-