business News
චූටි දූවේ,නුඹ සුව නින්දේ...!
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(09) පෙරවරුවේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ රඹෑව ප්‍රදේශයේ විපතට පත් ජනයාගේ දුකසැප සොයා බලන්නට සංචාරයක නිරතවිය.එහිදී ජනාධිපතිවරයා විසින් උතුරු මැද පළාත් රාජ්‍ය නිලධාරීන් හමුවී පීඩාවට පත් ජනයාට සහන සැලසීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදුන් බව කියැවේ. කෙසේ වුවද අනුරාධපුර දිස්ත්‍රීක්කයේ පවුල් 607 ක් අවතැන්ව ඇති අතර පුද්ගලයින් 2079 ක් එයින් පීඩාවට පත්ව ඇති බව සඳහන් වේ. මෙම පිරිස සුබසාධන මධ්‍යස්ථාන 10 ක දැනට රඳවා අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයා රඹෑව ප්‍රදේශයේ ජනතාවගේ දුකසැප බෙදාගත් අයුරු .
2014-07-30 05:38:00
Views 18
"ශ‍්‍රී ලාංකිකත්වය"ජාත්‍යන්තර රන් සම්මානයෙන් පිදුම් ලබයි
ආසියානු ශාන්තිකර කලාපීය සංචාරක සංගමය මගින් සංවිධානය කළ ලෝක සංචාරක අලෙවිකරණ තරගාවලියේ පෝස්ටර් අංශයේ රන් සම්මානය දිනා ගැනීමට ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශය සමත් වෙයි. ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයට මෙම සම්මානය හිමිවූයේ ශ‍්‍රී ලාංකිකත්වය තේමා කර ගනිමින් ඉදිරිපත් කළ පෝස්ටරය වෙනුවෙනි. ලොව පුරා පෞද්ගලික අයදුම්කරුවන් සහ සංචාරක සංවිධාන 102 ක් නිර්මාණ 223 ක් මේ සදහා ඉදිරිපත් කර තිබුණි. නවමු ශ‍්‍රී ලංකාවක් පිළිබද ප‍්‍රතිරූපය ලොවට ප‍්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින්"අලූත් ශ‍්‍රී ලංකාවක් නමින්" විශේෂ වැඩසටහනක් පසුගිය දෙසැම්බර් මාසයේදී ප‍්‍රකාශයට පත් කෙරුණි.

කිසියම් සංචාරකයකුට විස්මිත අත් දැකීම් 8 ක් විද ගැනීමට ඉඩ ලැබෙන බැවින් Sri Lanka යන වදනේ අකුරු 8 න් විවිධ ක්ෂේත‍්‍ර 8 ක් සංකේතවත් කිරීමට හදුනාගෙන තිබේ. එම අංශ 8 අතර ශ‍්‍රී ලාංකිකත්වය එක් ක්ෂේත‍්‍රයකි. ශ‍්‍රී ලංකා සංචරණය මගින් කරන ලද සමීක්ෂණ වලින්ද ශ‍්‍රී ලාංකිකත්වය සහ ශ‍්‍රී ලාංකික සිනහව සංචාරක ක්ෂේත‍්‍රයේ ප‍්‍රවර්ධනයට යොදා ගත හැකි බව අනාවරණය කර තිබේ.

ශ‍්‍රී ලාංකිකයන්ගේ සුහදශීලී බව ආගන්තුකසත්කාර සහ සංග‍්‍රහශීලී බව ජාත්‍යන්තර ප‍්‍රජාවගේ නිරන්තර පැසසුමට ලක්වේ.මේ අනුව ශ‍්‍රී ලාංකිකත්වයට මුල් තැන දෙමින් ප‍්‍රචාරණ වැඩසටහන් ක‍්‍රියාවට නැංවීමට දැනටමත් පියවර ගෙන ඇත."2011 සංචාරක වසර සමරමු"යන්න මුල් කර ගනිමින් ශ‍්‍රී ලංකා සංචරණය තේමා 12 ඔස්සේ මෙම වසරේ සෑම මාසයක්ම ආවරණය වන පරිදි ප‍්‍රවර්ධන වැඩසටහන් ක‍්‍රියාත්මක කර ඇත.
2014-07-30 05:38:00
Views 18
Ads here
340 x 60
Rs. 10000/-